දින 100 පසු කළ ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය මාර්ගය

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය මාර්ගය ( Jakarta-Bandung High-speed Railway ) දින 100 සපුරයි.

සීමාසහිත චීන දුම්රිය මාර්ග ජාත්‍යන්තර සමාගම කියාසිටින්නේ, ඊයේ (24) වන විට ගෙවුණු දින 100 ක කාලය තුළ මගීන් 14 ලක්ෂ 50 000 ක් එහි ගමන් කර ඇති අතර, මගී ප්‍රවාහනය තවදුරටත් ඉහළ ප්‍රමිතියක පවතින බවයි.

ඉන්දුනීසියාවේ සමුද්‍ර හා ආයෝජන සම්බන්ධීකරණ නියෝජ්‍ය අමාත්‍ය Septian Hario Seto, චීනයේ ෂිංහුවා පුවත් ඒජන්සිය සමග ඊයේ (24)  පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී පෙන්වා දුන්නේ, ජකර්තා – බැන්ඩුං අධිවේගී දුම්රිය නගර දෙක අතර ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කළ බවයි. චීනය සමඟ සහයෝගීතා තවදුරටත් පුළුල් කිරීමට ඉන්දුනීසියාව බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය. මෙම අධිවේගී දුම්රිය සහයෝගීතා තුළින් ඉන්දුනීසියාවට බොහෝ ප්‍රතිලාභ හිමිව තිබේ. රටට දියුණු තාක්ෂණය හඳුන්වා දීම පමණක් නොව, දැනුම හුවමාරු කිරීමෙන් මානව ප්‍රාග්ධනය ද එහිදී වැඩිදියුණු කෙරුණු බව, Septian Hario Seto මහතා කියා සිටී.

මෙම අධිවේගී දුම්රිය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර සහ සුප්‍රසිද්ධ බැන්ඩුං සංචාරක නගරය සම්බන්ධ කරන අතර, උපරිම වේගය පැයට කිලෝමීටර් 350 කි. නගර දෙක අතර පැවති පැය 3 ක ගමන් කාලය විනාඩි 46 ක් දක්වා අඩු කර තිබීම විශේෂත්වයක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ රාෆා හරස් මාර්ගය සීමිත ගමන් සඳහා නැවත විවෘත කරන බව ඊශ්‍රායලය පවසයි.

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රෆා දේශසීමා පිවිසුම සීමිත...

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...