අපිව” හූ” කියලා නවත්තන්න බෑ – නාමල් රාජපක්ෂ

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගමට ඇවිත් ගම්මට්ටමේ පාක්ෂිකයින් සමග දේශපාලන කරමින් ඔවුන් සංවිධානය කිරීම “හූ” කියා වැළැක්විය නොහැකි යැයි එම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රට ගිනි තබා විනාශ කළ දේශපාලන පක්ෂත් ඒ අතර සිටිනවා . අභියෝග-චෝදනා කෙතරම් ආවත් පොහොට්ටුව ගම එක්ක” බව රාජපක්ෂ මහතා කියයි.

අභියෝග සහ චෝදනා කෙතරම් ආවත් පාක්‍ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් “හූ” කියන දේශපාලන පක්‍ෂවල අරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවත් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියි. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැහැදිළිවම ගමට යන බව පවසන නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක්, විනයක් සහ කොන්දක් නොමැති සමහර දේශපාලන පක්‍ෂවලට “හූ” කීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පවසයි.

නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, ක්‍රීඩා කළ අයෙකු හැටියට රග්බි නම් “රෙෆ්රි” ට ද, ක්‍රිකට් නම් “අම්පයර්” ට ද  බනින අතර එසේ නොමැති නම් පරදින හෝ දිනන පැත්තට ප්‍රේක්‍ෂකයො “හූ” කියන බව තමා දැක ඇති බවත් සමහර දේශපලාන පක්‍ෂ බංකොළොත් වුණාම, ප්‍රතිත්පතියක් නැති වුණාම සහ විනයක් නැති වුණාම මේ උපක්‍රම භාවිතා කරන බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙපරමුණ ගමට ඒම වැළැක්වීමට මෙම ප්‍රතිපත්තියක් සහ විනයක් නොමැති උපක්‍රම භාවිතා කරන බව කියා සිටින නාමල් රාජපක්ෂ මහතා සිය පක්ෂය ගමට නොඑන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගමට එන්නේ නැති බවට මොවුන්ම චෝදනා කරන බව ද පවසයි. 1988 සිට මහා ජන දේපොළ සහ මිනිස්සුන්ගේ නිවාස ගිනි තැබූ දේශපලන පක්‍ෂ පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන්ගේ නායකත්වය පිළිබඳව අභියෝගයක් තිබෙන අය ජනාධිපති අපේක්‍ෂකයා යැයි නම් කර ගෙන දඟලන බවත් නාමල් රාජපක්ෂ රාජපක්‍ෂ මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස පහයි පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:වසරේ ගෙවුණු මාස 05ක කාලය තුළ අල්ලස් හෝ...

ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු සිදු කරන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේදී චීනයේ...

අපි ඇවිල්ලා බංකොලොත්භාවයෙන් මේක මුදාගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කළා. ආර්ථිකය ස්ථාවර කළා – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල මෙවර අයවැයෙන් වෙන්කර ඇති රුපියල් බිලියන...

HNB ඇෂුවරන්ස් අභියෝගයකින් තොරව වෙළද සේවා ක්‍රිකට් සූරතාවය දිනයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ස්ටැෆර්ඩ් මෝටර් සමාගමේ අනුග්‍රහයෙන්...