චාමර වීරසිංහ සුවය ලබා රෝහලෙන් පිටව යයි

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සුවය ලබා ඊයේ (27) දිනයේදී රෝහලෙන් පිටව ගොස් තිබේ.

ශ්වසන රෝග තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ඔහු දින 40ක් පමණ එහි නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

එහිදී ඔහුට උගුරේ සහ උදරයේ සැත්කම් දෙකක් ද සිදුකර ඇති බව සඳහන්.

RN