දරුවන්ගේ සෞඛ්‍යයට බලපෑ හැකි වේප් දුම්බට පානයට එරෙහිව එක්සත් රාජධානිය නැඟී සිටියි!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දිනෙන් දින ඉහළ යන තරුණ තරුණියන් වේප් දුම්බට පානය කිරීම වැළැක්වීමේ සැලසුමේ කොටසක් ලෙස ඉවත දැමිය හැකි වේප් දුම්බට තහනම් කිරීමේ සූදානමක් එක්සත් රාජධානියෙන් වාර්තා වෙයි.

ළමුන් සඳහා වේප් දුම්බට අලෙවි කිරීම වැළැක්වීම සහ බාල වයස්කාරයන් ඉලක්ක කරගත් මෙම අලෙවිය සඳහා කඩිනම් පියවර ගැනීමට සැලසුම් කරයි.

Action on Smoking and Health (Ash) පුණ්‍යායතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව වයස අවුරුදු 11 සිට 17 දක්වා ළමුන්ගෙන් 7.6% ක් දැන් නිතිපතා හෝ ඉඳහිට වේප් දුම්බට පානය කරන අතර, 2020 සිට භාවිතය 4.1% සිට ඉහළ ගොස් ඇත.

මෙම තහනම එක්සත් රාජධානිය පුරා හඳුන්වා දීමට අපේක්ෂා කරන බව රජය පවසයි.

අගමැති රිෂි සුනක් සඳුදා පාසලක සංචාරයක නිරත වෙමින් මේ පිළිබඳවද එහිදී අවධානය යොමු කරන බව පැවසීය.

“ඕනෑම දෙමාපියෙකු හෝ ගුරුවරයෙකු දන්නා පරිදි, මේ මොහොතේ වඩාත්ම කනස්සල්ලට පත්වන ප්‍රවණතාවක් වන්නේ දරුවන් අතර වේප් දුම්බට පානය ඉහළ යාමයි,” ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“දුම්වැටියෙන් තොර පරපුරක්” බිහිකිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, 2009 ජනවාරි 1 වැනිදා හෝ ඊට පසුව උපන් ඕනෑම කෙනෙකුට සිගරට් විකිණීම තහනම් කිරීමේ ප්‍රකාශය පසුගිය වසරේ ප්‍රකාශයට පත් කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්ඩෲ කුමරුගේ තරුපටි ගැලවේ; වින්ඩ්සර් නිවසින් පිටව යා යුතු බව බකිංහැම් මාලිගය කියයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇන්ඩෲ කුමරුගේ...

ට්‍රම්ප් එක්සත් ජනපදට සරණාගතයින් ඇතුළත් කිරීමේ සීමාව 7,500 ලෙස නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

අරවින්ද නෙමෙයි ඒ සනත් ….

තිස්ස අසබඩ කෙට්ටු වුණත්අරවින්ද නෙමෙයි ඒ සනත් විරාගය හොරු හොරා...

වෛද්‍ය වැඩවර්ජනය අද දහවල් දක්වා තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද...