පිමි කිහිපයක් ඉදිරියට පැමිණි විරේන් අද ඉරානයේ දී සටනට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 30 කොළඹ (LNW): ස්වීඩන්යේ පැවති වික්ටර් තරගාවලියේ අවසන් පූර්ව තරග දක්වා පැමිණි විරේන් නෙත්තසිංහ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණ මේ වන විට 76 වන තැන සිටිනවා.ඒ සමඟ අද ඇරඹෙන 32nd Iran Fajr International Challenge 2024 තරගාවලියේදී විරේන් එම තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරිම්වල අට වැන්නා ලෙස තරගවැදීමට නියමිතව තිබෙනවා.අද ඔහු තරග වඳින්නේ ඉරාන ජාතික මොහොමඩ් පයිරවාන්ද් සමඟයි.


මේ තරගාවලියේ ප්‍රධාන තරග සටහනේ ක්‍රීඩකයින් 64 දෙනෙකු තරග වඳින බැවින් ජයග්‍රහණය කිරීමට බොහෝ විට ක්‍රීඩකයෙක්ට උපරිම ලෙස තරග පහකට සහභාගි විය යුතුයි.මේ නිසා මේ තරගාවලියේ විරෙන් දක්වන දස්කම් ඉදිරි ශ්‍රේණිගත කිරීමකට අතිශයින් වැදගත් වන අතර ඔහු මේ වසරේ පැවත්වෙන ඔලිමිපික් තරගාවලිය නියෝජනය කිරිමටනම් පැවත්වෙන ජාත්‍යන්තර තරගවලදී එකතු කර ගනු ලබන ජයග්‍රහණ අතිශයින් වැදගත් වෙනවා.

මේ තරගාවලියට සහභාගි වන ප්‍රබලම ක්‍රීඩකයා හැටියට ශ්‍රේණිගත කිරිම් හි පළමු තැන රඳවා සිටින්නේ ඉන්දීය ක්‍රීඩකයෙකු වන සතිෂ් කුමාර් කරුණාකරන් වන අතර දෙවන තැන සිටින්නේ දෙවන තැනට නම් කර සිටින බ්‍රසීලයේ ජොනතන් මැතියස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 58 වන තැන පසු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කින්නියා නගර සභාව සහ නෙළුව ප්‍රාදේශීය සභාව සජබෙට!

කොළඹ LNW:ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභාවේ බලය සමඟි ජන...

මැදපෙරදිග ගිනියම් වෙයි: ඉරාන-ඊශ්‍රායල යුධ ගැටුම ලෝක යුද්ධයක ආරම්භයද?

සටහන – ඔවින්දි විෂ්මිකාජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය ජුනි...

සජබෙ අයත් මාලිමාවට පෙම් බැඳලද?

කොළඹ LNW:රහසේම මාලිමාවට පෙම් බැන්ද පිරිසක් පක්ෂය තුළ සිට...

කර්මාන්ත අංශයේ නැග්මක් – වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය 4.8% කින් ප්‍රසාරණය වෙලා

කොළඹ LNW:කර්මාන්ත අංශයේ විශේෂ පිබිදීම හේතුවෙන් මේ වසරේ පළමු...