බෙල්ලටම හිර වුණු බොලිවුඩයේ ජැකලින්!

Date:

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් දැන දැනම මුදල් සන්තකයේ තබා ගැනීමට සම්බන්ධ වූ බවත්, සුකේෂ් චන්ද්‍රසේකර් නැමැත්තාගේ අපරාධවලින් උපයාගත් මුදල් උපයෝගී කරගෙන ඇති බවත් දිල්ලි මහාධිකරණ නඩු විභාගයේදී අනාවරණය විය.

මෙම මුදල් විශුද්ධිකරණ නඩුවට චෝදනා ලැබ සිටි සුකේෂ් චන්ද්‍රසේකර් ගේ අදාළ අපරාධවලින් උපයාගත් මුදල් සන්තකයේ තබා ගැනීමට සහ භාවිතා කිරීමට ජැකලින් ෆර්නැන්ඩස් දැනුවත්ව සහභාගී වූ බව මෙහිදී චෝදනා එල්ල විය.

Onnamorama

“ඇය අද දක්වාම සත්‍යය වසන් ඇති බවත්, චන්ද්‍රසේකර් අත්අඩංගුවට ගැනීමෙන් පසු ජැකලින් ඇගේ ජංගම දුරකථනයෙන් සියලුම දත්ත මකා දැමීමත්, එමගින් සාක්ෂි විකෘති වී ඇති බව” ද සත්‍යයක් ලෙස මෙහිදී ගම්‍ය විය.

සාක්ෂි විනාශ කරන ලෙසද ඇය තම සගයන්ට උපදෙස් දුන් අතර, චන්ද්‍රසේකර් විසින් සිදු කරන ලද අපරාධයේ ආදායම සන්තකයේ තබා ගැනීමට සහ භාවිතා කිරීමට ඇය දැනුවත්ව සහභාගී වූ බව සාක්ෂි මගින් සනාථ වේ.

චන්ද්‍රසේකර් බහරේනයේ වෙසෙන ජැකලින්ගේ දෙමාපියන්ට මෝටර් රථ මිලදී ගෙන ඇති බව ෆර්නැන්ඩස් මුලින් ප්‍රතික්ෂේප කළ නමුත් සාක්ෂි හමුවේ ඇය එය “පිළිගත්” බව බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය තරයේ පැවසීය.


ජැකලින්ගේ නීතීඥවරයා කියා සිටියේ “ජැකලින් විශාල කුමන්ත්‍රණයක ගොදුරක්” බවයි.

විනිසුරු මනෝජ් කුමාර් ඔහ්රි ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර ජැකලින් ෆර්නැන්ඩස්ගේ නීතිඥවරයා මෙම නඩුව ලබන අප්‍රේල් මස 15 වනදා මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ ඇති මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ජැකලින් ෆර්නැන්ඩස් “අද වනතුරු සත්‍යය වසන් කළ” බවත් සාක්‍ෂිවලට මුහුණ දෙන තුරු කරුණු වසන් කළ බවත්” බලාත්මක කිරීමේ අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රකාශ කළ බව PTI වාර්තා කරයි.

Gangbuzzz


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...

ග්‍රීන්ලන්තයේ නව මිලිටරි සූදානම..

රෂිකා හෙන්නායක ජනවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...