මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල එජනිස මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Date:

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නව සන්ධානයක් පිහිටුවීමට අදාළ කටයුතු හේතුවෙන් අදාළ තනතුරින් ඉල්ලා අස්වන ලෙස ඔවුන් දෙදෙනාටම , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දී තිබුණු අතර ඒ අනුව ඔවුන් දෙදෙනාම සිය ඉල්ලා අස්වීමේ ලිපි මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී ඇති බව සඳහන්.

ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුරයක් භාරගැනීම හේතුවෙන් මහින්ද අමරවීර මහතාව එජනිස මහලේකම් ධුරයෙන් ඉවත් කෙරුණු අතර තිලංග සුමතිපාල මහතාව එම තනතුරට පත්කෙරිණි.

ඊට එරෙහිව අමරවීර මහතා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණු අතර මැතිවරණ කොමිසම දැනුම් දී තිබුණේ ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් පක්ෂ මහලේකම්වරයා වශයෙන් පිළිනොගන්නා බවකි.

ඒ අනුව නව සන්ධානය සඳහා බුලත් කොළය ලකුණින් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කිරීමට නම් ඔවුන් දෙදෙනාම තනතුරින් ඉවත්ව නව මහලේකම්වරයකු පත්කර ගතයුතු බවයි ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබුණේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...