ඔන්ලයින් පණතේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වන එක් කරුණක් හෝ ඇත්නම් එය පෙන්වා දෙන්න – ටිරාන් අලස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනත පසුගිය දා සම්මත කෙරුණු අතර, එහි මානව අයිතිවාසිකම් උල්ලංඝණය වන එකදු කරුණක් හෝ පවතී නම් එය පෙන්වා දෙන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසයි.

ඔහු සඳහන් කළේ, ඊට විරෝධතා මතු කරන පාර්ශවවලට අභියෝග කරන බවත් එවැනි එකදු හෝ අංගයක් පනත තුළ පවතී නම් ඊට සංශෝධන ගෙන ඒමට කිසිසේත් පසුබට නොවන බවයි.

අන්තර්ජාලය ඔස්සේ සමාජ ජාල ඇතුළු විවිධ වෙනස්කම් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින පසුබිමක් තුළ ලෝකයේ කවර රටක හෝ ජනතාවට එයින් සිදු විය හැකි අයහපත් බලපෑම් වළක්වා ගැනීමට නෛතික රාමුවක් පැවැතිය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ද මෙම පනත සම්මත කළේ එම ආරක්ෂාව රටේ ජනතාව වෙනුවෙන් සහතික කිරීමට බවද පැහැදිලි කළේය. මේ වනවිට ලෝකයේ රටවල් මේ පිළිබඳව පුළුල් අවධානයක් යොමු කොට ඇති බව ත් පසුගිය දා අමෙරිකානු කොංග්‍රසය ලෝකයේ ප්‍රධාන පෙළේ සමාජ ජාල මෙහෙයවන්නන් කැඳවා දැඩිව ප්‍රශ්න කළ අතර එම හිමිකරුවන් මෙම සමාජ ජාල හේතුවෙන් අගතියට පත් දරුවන්ගේ මවුපියන්ට කණගාටුව පළ කිරීමට පවා සිදුව ඇති බව ත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ ව්‍යාජ සමාජ ජාල ගිණුම් පවත්වා ගැනීම හරහා විවිධ විෂමාචාර සිදු කිරීම වර්ධනය වී ඇති අතර එවැනි පසුබිමක් වළක්වා ගැනීමට මෙවැනි නෛතික රාමුවක් අත්‍යවශ්‍ය බවත් කියා සිටියේය.

කෙසේ වුව ද, මේ වනවිට විවිධ පුද්ගලයන් මෙම පනත අයිතිවාසිකම් කැඩීමක් බව චෝදනා එල්ල කරන අතර සමාජයේ යහපත සඳහා ම සැලකූ මෙම පනත මගින් උල්ලංඝණය වන අයිතිවාසිකම් තිබේ නම් ඒවා කවරේදැයි කරුණු සහිතව පෙන්වා දෙන ලෙස තමන් අභියෝග කරන බව ඔහු සඳහන් කළේ ය.

එවැනි අඩුපාඩුවක් පෙන්වා දුනහොත් තමන් මෙම පනතට ඊට අදාළව සංශෝධන ගෙන ඒමට අදාළව පියවර ගැනීමට කිසිසේත් පසුබට නොවන බව අමාත්‍යවරයා වැඩිදුරට ත් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...