රටේ තිබුණේ කැපිලි කෙටිලි දේශපාලනයක් – නවින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 03 කොළඹ (LNW): මීට පෙර, කෑගල්ල දිස්ත්‍රික්කය තුළ හොඳ නායකත්වයක් ගොඩ නැගීමට ඉඩ ලබා දී නොමැති බව සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා පවසයි.

කැපිලි කෙටිලි දේශපාලනයක් පවතින බවත් කවුරුන් හෝ ඉදිරියට එන විට එම ගමන නවතන දේශපාලනයක් පවතින බවද ඔහු කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වැඩක් කළ හැකි පිරිසක් සමඟ ජනතාව සිටගත යුතු බවයි.

නවීන් දිසානායක මහතා එහිදී ප්‍රකාශ කළේ, සජිත් ප්‍රේමදාස මහතා දෙවැනි පෙළේ සිටිය යුතු බව තමා මීට පෙර පැවසුව ද එතුමා වෙනත් පක්ෂයක් සදාගෙන ගිය බවයි.

නවින් දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ කෑගල්ල රතඹලාවත්ත ප්‍රදේශයේ සබරගමු පළාත් ආණ්ඩුකාර උප කාර්‍යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...