ජනපති රනිල්ගේ නිදහස් දින පණිවුඩය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): දුෂ්කරතා විඳ දරාගනිමින් රටේ පුරවැසියන් බහුතරය රට යළි ගොඩනැංවීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලට සහය දීම නිසා කෙමෙන් කෙමෙන් ඉදිරියට යෑමට හැකි වූ බවත්,මේ මගෙහි ම තවත් ඉදිරියට යද්දී, දුෂ්කරතා මැකී , ජීවන බර සැහැල්ලු වී ආර්ථිකය ශක්තිමත් වනු ඇති බව ජනාධිපතිවරයා තම නිදහස් දින් අපණිවුඩයෙන් කියා සිටී.

ජනාධිපතිවරයාගේ නිදහස් පණිවුඩය,

” නිදහසින් 75 වැනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබිණි. නමුත් 76 වැනි නිදහස් දිනය වෙද්දී ඒ තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපට හැකි විණි. ඒ අනේක දුෂ්කරතා මධ්‍යයේ ය.දුෂ්කරතා විඳ දරාගනිමින් රටේ පුරවැසියන් බහුතරය රට යළි ගොඩනැංවීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලට සහය දීම නිසා අපට කෙමෙන් කෙමෙන් ඉදිරියට යෑමට හැකි විණි.මේ මගෙහි ම තවත් ඉදිරියට යද්දී, දුෂ්කරතා මැකී යනු ඇත.ජීවන බර සැහැල්ලු වනු ඇත. ආර්ථිකය ශක්තිමත් වනු ඇත.ශ්‍රී ලංකා මාතාව යළි පිබිදෙනු ඇත.

1948 වසරේ ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අවස්ථාවේ ජාත්‍යන්තරයේ අපේක්‍ෂාව වූයේ ලංකාව පෙරදිග දියුණු රටක් බවට පත් වනු දැකීමයි. ඒ සඳහා සියලු පසුබිම් සාධක අප සතු විය. නමුත් අවසානයේ අපට සිදු වූයේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීමටය.

අතීත වැරදි යළි සිදු නොකළ යුතුය.

වත්මන් ගමන් මග නිවැරදි බව දැන් මුළු ලෝකය ම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මේ ගමන් මගෙහි ම ඉදිරියට ගොස් යළිදු සෞභාග්‍යය උදා කරගැනීමට මේ නිදහස් දිනයේ අදිටන් කරගනිමු. රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන ලෙස ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...