අලුතින් ස්ථාපිත කළ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාල පත්වීම් ලිපිය පාලිත ප්‍රනාන්දු මහතා වෙත අද ලබා දී තිබෙනවා.
මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමානකරණ රාජ්‍ය අමාත්‍යංශයෙන් ආපදා කළමනාකරණ විෂය ඉවත් කර නව රාජ්‍ය අමාත්‍යංශයක් පිහිටවූ අතර එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ විමලවීර දිසානායක මහතායි.
UN