විරේන් පැරද වූ ඩෑන්ග් ඉරාන සූරතාවයට හිමිකම් කියයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 05 කොළඹ (LNW): විරේන් නෙත්තසිංහ පරාජය කරමින් ඉරාන ජාත්‍යන්තර සූරතාවලියේ අවසාන තරගයට පිවිසි න්ගුයෙන් හායි ඩෑන්ග් සූරතාවය දිනා ගන්නට සමත් වුණා.ජගත් ශ්‍රේණිගත කිරීම්වල 97 වන ස්ථානයේ සිටි ඩෑන්ග් අතිනි පරාජයට පත් වුණේ ශ්‍රේණිගත කිරීම් හී 49 වන තැන සිටින ඉන්දීය ක්‍රීඩක සතිෂ් කුමාර් කරුණාකරන් ය.විරේන් සමඟ තරගය විනාඩි 56 ක් තිස්සේ පැවතියද අවසාන තරගය විනාඩි 50 දී නිම කරන්නට ඩෑන් සමත් වී තිබෙනවා.


ඇමෙරිකානු ඩොලර් 1200 ක ජය මල්ලක් ඩෑන්ට හිමි වූ මේ තරගයේදී අවසාන පූර්ව වටයට පිවිසීම වෙනුවෙන් විරෙන්ට ද ඩොලර් 300 ක මුදලක් හිමි වෙනවා.විරේන්ගේ තරගයේ දී යොදා ගත් පිහාටු මල් ගමන් කළ වේගය අඩු කිරීමේ තාක්ෂණයක් යොදා ගෙන තිබූ බව දකින්නට තිබුණු අතර අවසාන තරගයේදී ද ඒ කාරණයම සිඳුවීම සිය පරාජයට බල පෑ බව ඉන්දීය ක්‍රීඩකයා පවසා තිබෙනවා.ඒ නිසා ඩෑන් මේ තරගාවලියේදී ඉහළ දස්කම් පෑවද,ඔහු පිහාටු මල ගමන් ගන්නා වේගය මන්දගාමී බවින් වෙනස් ප්‍රයෝජනයක් ලැබුවේ ද යන්න පිළිබඳව සැකයට භාජනය වෙනවා.


කෙසේ වුවත් විරේන් නෙත්තසිංහ ඉරාන තරගාවලියේ දී මෙන්ම,ඊට පෙර ස්වීඩන් තරගාවලියේදී ද ඉහළින් දස්කම් දැක් වූ අතර මේ නිසා ඇතැම් ජාත්‍යන්තර විචාරකයන්ට අනුව ඔහු හෙට (පෙබරවාරි 06) සිඳුවන නව ශ්‍රේණිගත කිරීම්වලදී 68 වැනි, ස්ථානයකට ප්‍රවේශ වනු ඇතැයි විශ්වාස කරනවා.අද ඇරඹෙන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරගාවලියේදී විරෙන් එම තරගකරුවන්ගේ නාම ලේඛණයේ 4 වන තැන සිටින අතර මේ තරගාවලිය නිමා වී ඇරඹෙන ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරගාවලියේදී ශ්‍රේණිගත කිරීම් අනුව පළමු වැන්නා ලෙස තරගාවලියට තරග වඳිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...