චෝදනාවලට ලංකා රියල්ටි ඉන්වෙස්මන්ට්ස් වෙතින් පිළිතුරු!

Date:

පෙබරවාරි 05, කොළඹ (LNW): රටේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් දියත්කර තිබෙන “යුක්තිය” මෙහෙයුම අතරතුර, ඉකුත් දිනක වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසළ සිදුකළ වැටලීමට හා වෙඩි තැබීමේ සිදුවීමට අදාළව, එම හෝටලය අයත් ලංකා රියල්ටි ඉන්වෙස්මන්ට්ස් පීඑල්සී සමාගම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් 2024 ජනවාරි 18වන දින පැවැත්වූ මාධ්‍ය හමුවක දී එල්ලකළ චෝදනාවලට පිළිතුරු සැපයීමට එම සමාගම කටයුතු කර තිබේ.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම, එකී වැටලීමට තම හෝටලයේ සබඳතාවයක් නොමැති බවත්, කොළඹ අපරාධ කොට්ඨාශය විසින්, 2023 දෙසැම්බර් 31 වන දින අදාළ වැටලීම සිදුකරන ලද්දේ සහ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ හෝටල් පරිශ්‍රයෙන් පිටත බවත් අවධාරණය කරයි.

දෙසැම්බර් යනු දිවයිනේ සංචාරක පැමිණීම් වැඩිපුරම ඉහළ යන කාලසීමාව වන පසුබිමක, එවකට හෝටලයේ සියලු කාමර විදෙස් සංචාරකයන් සඳහා වෙන්කොට අවසාන වී තිබූ බවත්, උක්ත වැටලීම සිදුකළ අවස්ථාවේ හෝටලයේ සිටි කිසිඳු පුද්ගලයකු සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියක් තුළින් ලංකා රියල්ටි ඉන්වෙස්මන්ට්ස් සමාගම පෙන්වා දෙයි.

වෙඩි තැබීම් සිදුවූ අවස්ථාවේ හෝටල් පරිශ්‍රයේ දේපළවලට යම් යම් හානි සිදුවූව ද කිසිඳු සංචාරකයකු හෝ කාර්යමණ්ඩල සාමාජිකයකුට ඉන් හානියක් සිදු නොවූ බව පවසන ලංකා රියල්ටි ඉන්වෙස්මන්ට්ස් සමාගම, කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගමක්වන තම සමාගම, හෝ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සාමාජිකත්වය දරන තමාට අයත් ඩබ්ලිව්15 හෝටලය මත්ද්‍රව්‍ය හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් හා කිසිඳු සබඳතාවයක් නොමැති බවට වැඩිදුරටත් අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...