නූතණ දේශපාලන ඛේදවාචකය ප්‍රහසනයක් කර අපිව කැටපතක් ඉදිරියේ තැබීම යනු මාර වැඩක් ය.ඒවායේ ප්‍රතිබ්ම්බ අපට වරක් ලොකුවට පෙනෙන්නේය.තවත් වරක් කුඩාවටය.සමහර විට අප අප තරමටම දැකගත හැකිය.නැතිනම් අප දන්නා බොහෝ අයගේ ප්‍රතිබම්මබද එහි මැවෙන්නේය.මැවුණාටනම් කම් නැත.ඒවාට හිනා වෙන්නට සැළස්වීම පසුවට පීඩනයකි.එය වඩාත් දැනෙන්න ගන්නේ තමන් තමන්ටද හිනා වී තිබෙන බව ගැඹුරින් කල්පනා කරද්දී දැනෙන බැවින්ය.
මීට දශක කිහිපයකට පෙර රටේ ඒ මොහොතේ පැවති දේශපාලනය පදනම් කරගෙන කළ නාට්‍යයකි “උතුරේ රාහුල”.එය පවතින දේශපාලන චරිත අමු අමුවේ ගෙනවිත් ඒවාට හිනස්සන්නට සැළස්වීමේ කාර්යයක් විය.පසුකලෙක ඒ විදිහටම රූපවාහිනි තිරය මතට ද එවැනි ප්‍රහසන ආවේය.ඒත් ඌරෝ සමඟ පෝක් ඊට වඩා ගැඹුරුය.දේශපාලන මුහුණු ගෙනෙනවාට වඩා සිවිල් දේශපාලනයේ කැත,තිත්ත සහ ඇත්ත අපේ හිනාවට ලක් කිරීම අසංක සායක්කාරගේ වෑයමය.ඒ වැඩේ ඔහු ලෝභ හිතෙන තරමටම නැවුම් නාට්‍යානුසාරී ආකෘතියක් අතුළත වේදිකාවේ එලන්නේය.
සායක්කාර මෙහිදී ස්වීය ප්‍රකාශනය පදනම් කර ගන්නේ ඊරියෙක් වටාය.තියෙන ක්‍රමවේදයේ ඇත්තේ ඌරෙක්ට වුව බඩේ අමාරුව හැදෙන තරමේ ජරාවන්ය. සංඛ්තාත්මකව එය අපට හැඟවෙන්නට දෙන්නේ විවිධ සමාජ චරිත සමඟ සිය බඩේ රුදාව සම්බන්ධයෙන් ඊරිය කරන සංවාද ඇසුරේය.
ඊරිය සිය බඩේ වේදනාව ගැන කියන්න සහ එයට පිළියම් නොකිරීමෙන් ඇතිවන තත්ත්වය ගැන කියන්න හමුවන්නේ සමාජයේ විවිධ ස්ථරයන්හී කොටස්ය.ඒවා වෘත්තීන් හැටියටට ද නැතිනම් යම් සිවිල් බලයක් සහිත චරිත හැටියට ද ගත හැකිය.ඒවා බැදී ඇති සිමාවන් හී පිහිටා කටයුතු කරනු විනා ඊරියගේ වේදනාව සංකීර්ණ ලෙස ගෙන මැදිහත්වීමට අවශ්‍යය දෘෂ්ටිමය ඌනතාවයකින් පෙළෙන්නේය.එය දෘෂ්ඨිමය ඌනතාවයක් මෙන්ම මානවීය හැඟීම් රහිතවීමේ දුබලතාවයක්ද ආත්මාර්ථය හා බැඳුණු අවශ්‍යයතාවයන් ද ලෙස ගත හැකිය.
වෛද්‍යවරයාගෙන් පටන්ගෙන පොලිස් නිලධාරියා,කට්ටඩියා,රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතයා,බමුණා සිට දාර්ශණිකයා දක්වා ද,මහසෝනා වැනි මනංකල්පිත චරිත හරහා ද සායක්කාර ගේ වියුම පරිසමාප්තයට පත් කරන්නේ සමාජ සංදර්භය ඇතුළේ කිසිඳු බේදයකින් තොරව ඇති පෞරුෂ ඌනතාවය ගැනය.ස්වාධීන තීරණ ගැනීමේ අයිතියෙන් බැහැරට ක්‍රියාත්මක වෙන බියසුළු කමය.නිවටකමය.ආත්මාර්ථය ය.සූරා කෑමය.අසරණකමය.
බමුණු වේශය වඩාත් සමීප පූජක ස්වරූපයටය.බැතිමතුන් හිඟ නැත.සමීප බැතිමතා මෙන්ම බමුණා ද එහි ඇති බලයේ හිස් බව හොඳින් දන්නේය.නමුත් වන්දනීය හෝ පූජණිය වීම සම්බන්ධ උවමනාවක් ඇත්තේ දාර්ශණීක කාරනා සම්බන්ධයෙන් නොවේය.එය යැපුම් වෘත්තියකි.සිඳුවන වංචාවන්ට සාදු කියන පිරිස ද ඒ වංචාවම වෘත්තියක් කොට උපයන්නෝය.ඔවුන් සිඳුවන දේ දනියි.එහෙත් දකින්නට නොරැඳෙන්නේ සාක්ෂියක් වන්නට අනවශ්‍යය නිසාය.එහෙත් හෘද සාක්ෂිය දන්නා දේ ගැන ඔවුන්ට අදහසක් නැත.ඊරි ගැබ් ගන්නේ බමුණාගෙන්ය.
දාර්ශණිකයාට මේ මොහොතේ ඇති විසඳුම් ප්‍රායෝගික නැත.හරියට වියත් මඟ වියතක පළලින් හමාර වූ සේ ය.ඒ නිසාම ඊරියගේ බඩේ කැක්කුමට ඔහු යෝජනා කරන විසඳුමේ අවසාන පලය ලෙස දාර්ශණිකයාට ඌරු කළලයක් සහිත කුසක් හිමි වන්නේය.ඌරු ක්‍රමය තනන්නේ ඌරන්ය.වියතුන් පහසුවෙන් ඌරන් කළ හැකිය.බමුණු පුජකයන්ද,නීතිය රකින නිලධාරීන්ද,රාජ්‍ය නොවන සංවිධාන ද,කට්ටඩියන් නොව මේ මත මැවෙන මිත්‍යා යකුන් යකිනියන්ට ද අවසානයේ ඌරාගේ වේදනාව ඉවත් කරන්න මාර්ග නැත.තියෙන මාර්ගවල ඊට ඉඩ ද නැත.අලුත් හිතීම්වලට බයය.එසේ බය හිතෙන තරමට නිවටය.බයාදුය.පෙන්වන පෞරුෂ ඇතුළේ ශබ්ද නංවන්නේ හිස්කම ය.
මේ සියල්ල ආකෘතිමය වශයෙන් සුපැහැදිළි කරන නාට්‍යමය අත්දැකීමේ චරිත හුවමාරුවට අවශ්‍යය ආහාර්ය අභිනයන් සිඳුවන්නේ ඇස් පනා පිටය.එහිදි ඒවා යුහුසුළුව සිඳුවන්නේය.කාලය කා දමා ප්‍රෙක්ෂකයා බැඳි බැම්මෙන් නොමිදී තබා ගන්නේය.දුරස්ථකරණ රීතිය භාවිතයට ගැණුනද මුලසිට කෙරෙන පපුව හූරා දමමින් වේදනා ඉතුරු කරමින් කරන හිනා ගැස්සීම නොකඩවා ගලා යන්නේය.නාට්‍යය හමාර වූ පසුව හිතෙන තාක්ෂණික කාරණා අතර ප්‍රේම ජයන්ත කපුගේ හාස්කම් සහගත අංග රචනා වෙනසක සියුම්ව සහ කඩිනමින් නියැලෙන අයුරු අපූරුය.දුටු වනම රෙදි එල්ලා තිබෙන අපිළිවෙල වේදිකාව තුළ ඇඳුම් නිර්මාණයේ පිළිවෙල අපූරුය.හැඩිවීම තුළ සැඟ වී ඇති ඒ පිළිවෙල වේදිකා පරිපාලන ශිල්පීන් සහ ඇඳුමු නිර්මාණ ශිල්පීන්ගේ සංයමය මතු කරන්නේය.
අශිෂ්ඨ වූවා ට වඩා අපේ සමාජය අපිරිසිඳුය.ඊට තේමා වන ගීතයන්ගෙන් පටන්ගෙන ඊට ගාථා කියා ආශිර්වාද කරන පරපුර විසින් ඒ වෙනුවෙන් උපද්දවන අනාගතය පෙන්වා ඌරෝ අතර PORK හමාර වන්නේය.පරමාදර්ශ නැත.පඩයක ඟඳට එරෙහිවන තරම්වත් වෙඩිල්ලකින් සිඳුවන මරණයකට වග නොකියා නිහඬවන සමාජ ව්‍යහුය මත සායා තබන වෙඩිල්ලෙන් පඩයකට වඩා ගඳක් හමන්නේය.නහය වහගෙන ඉන්න පුළුවන් තරම් වේලාවක් ඉඳ හෝ අත නිදහස් කරගෙන වෙඩි තබන්නට හිතෙන්නේනම් ඇවිස්සෙන කුණු වඩා හොඳින් දෘශ්‍යමාන වන්නට පටන් ගනු ඇත.එසේ කුනු යැයි නොදැන කුණ සමඟ ජීවත්වීමේ අවසානයට අප යා යුත්තේ පළමුව කුණු දැක එය ඉවත් කිරීමෙන් ඉනික්බිතිවය.
ජාතියක් හැටියට ගත් විට සිංහලයා සිංහයෙක්ගෙන් ඉපිද ඇත.ඒ පෞරුෂය,සද්දන්ත බව,නිර්භීතකම මෙන්ම අනෙකා බය වද්දන්න සහ මරා දමන්න ඇති හැකියාව සහිත සිංහයාගේ එඩිතරකම ඇඟට ගෙන ජීවත් වෙන්නට බොහෝ සිංහලයින් කැමතිය.ඒ නිසාම ඌ තිරිසනෙක් යැයි කියා අපේ අනන්‍යතාවය ගැන ගැටළුකින් තොරව සිංහකම පොරවා ගන්නට අකමැති නැත.එය රටටම පොරවා සිංහල රට කියන්නට බල කෙරෙන උන්මාදය එන්නේද එතැනින් ය.ඌරා ද නරක නැත.ජරාව කෑවාට අලුතින් සොයා ගෙන ඇති පරිදි ඌරා සිංහයාට වඩා බොහෝ දියුණු මනසක් ඇත්තෙක්ය.බුද්ධිමත් යැයි ද සමහරු හඳුන්වන්නේය.ඒ නිසා කාලයට අනුරූපව සිංහබාහු පරපුර අපි සිංහල වංශේ යන්න වෙනුවට සූකරබාහු පරපුර අපි සූකර වංශෙ යනුවෙන් වුව ගැයීමට අප පසුබට නොවනු ඇත.
නාට්‍යයේම එන අපූරු දෙබසකි.”රට වටේම සිංහයො ඇඳලා ඇදලා මුන් ඒ කික් එකට කුවේණිගේ බැල්ලිටත් කේසර දැම්මා කියහන්කො.තව පොඩ්ඩෙන් නඩු දාන්නෙ සිංහබාහු.”
තාප්පයක සිංහකම පෙන්නා කුවේණිගේ බල්ලටත් වඩා අන්ත තැනෙක ඉන්න මොහොතක සිංහබාහු නොව සූඛර ද අපිට හොඳ වැඩිය.එය තේරුම් ගන්නට ඌරෝ අතර PORK නැරඹිය යුතුය.තමන්ට මුහුණ ඉස්සරහා තියාගෙන පවසන ඇතැම් ගති ලක්ෂණවල කැත හැඩ අසා දැක ප්‍රේක්ෂකාගාරයේ අනිත් අයත් සමඟ තමන්ට නොවෙන සේ සිනාවෙන්න ලැබීමමම මාර අත්දැකීමක්ය.ඔබට හැඳුණුම්පතක් මේ වන විටත් ඇත.ඒත් එහි සියල්ලම සළකුණු කරන්නට ඉඩ නැත.ඌරෝ බලා ඒ අඩුපාඩු හෘද සාක්ෂියේ ලියාගෙන එන්නට පුළුවන්ය.මකන්න ඕනි ඒවා මකා දමා ගන්නට පසුවට ඉඩ ඇත.
නාට්‍යයට රංගනයෙන් අති සාධාරණයක් කරන නිල්මිනි සිගේරා සහ සමිත සුදීහ්වරගේ රංගන අපූරුය.විශේෂයෙන් වෙනම රිද්මයකට අනුවර්ථනය වෙන්නට සුළු වෙලාවකින් ඔහුගේ අංග රචනා සහ වස්ත්‍ර වෙනස්කම්වලට භාජනය වෙමින් සමිත දක්වන ප්‍රතිභාව නොමිණිය හැකි වටිනා එකකි.එහෙත් ඔහු සායක්කාරගේ වේදිකාවෙන් පිට දැක ගැනීම දුලභය.සමිත මෙන්ම වේදිකාවේ අපූරු ජවයක් සිය රංගනය වෙනුවෙන් මුදා හැරීමේ හැකියාවක් ඇති රංගන ශිල්පිනියක වන නදිකා බණ්ඩාරත් සමිත මෙන්මය.නදීකාගේ මෑත නිර්මාණය දුටු විට ඇය ගැන ඇති වූ හැඟීමම සමිත ගැන ඉපදෙන්නේය.වැඩිය වැඩට ඉඩ නැති බවක් හැඟෙන්නේය.එය ද අපරාධයක් බව අවසානයේ සටහන් කර තබමි.සමිත අපූරු රංගන ශිල්පියෙක්ය.
RM