Thursday, March 30, 2023
spot_img

Latest Posts

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ආනයනයට දැඩි සීමා

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල් ඇමතිවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා. මෙම රෙගුලාසි අද සිට ක්‍රියාත්මක වේ.

මෙකී භාණ්ඩ ආනයනය සඳහා ආනයන-අපනයන පාලකවරිය විසින් නිකුත් කරන බලපත්‍රයක් ලබාගත යුතු අතර ඊට පෙර ඒ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ නිර්දේශ ලබාගත යුතුය.

ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග, චීස්, චොකලට්, ජලය, විදෙස් මත්පැන් හා බියර් වර්ග සඳහා මෙම රෙගුලාසි බලපැවැත්වේ. මීට අමතරව රූපලාවන්‍ය උපකරණ, පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ වර්ග ඊට ඇතුළත් වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.