ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදි දෙකක් සමඟ සැකකරුවන් 02 ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): සංවිධානාත්මක අපරාධ සඳහා යොදාගන්නා ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දියගලවත්ත චුට්ටේ නමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් දෙදෙනෙකුයි.

පසුගිය කාලයේ මෙරට සිදුවූ වෙඩි තැබීම් රැසකටම මෙම යතුරුපැදි දෙක යොදාගෙන ඇති බවට සැක කෙරේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු හා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන් වේ. මොවුන් සමඟ ජංගම දුරකතනයක් ද අත්අඩංගුවට ගෙන තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...