මෙරට සංවර්ධන කටයුතු වලට ජපානයේ සහය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට ඉදිරියේදී වඩාත් සක්‍රිය අයුරින් දායක වන බව ජපාන මන්ත්‍රිවරුන්ගේ සංසදය අවධාරණය කර ඇත.

ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රීලංකාවේ සංවර්ධන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සැසි වාරයක් පවත්වා ඇත.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංගමයේ සභාපති ෂින්පෙයි මට්සුෂිටා මහතා කියා සිටියේ කඩා වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය පිළිබඳ බෙහෙවින් සතුටු වන බවයි.

ඇනහිට ඇති මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරියේදී ආරම්භ කිරිමට සියල්ල සූදානම් බව ඒ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ රෝහල්වලට ලබා දෙන පහසුකම් ඉදිරියෙදි තවදුරටත් වැඩි කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්ව ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...