ජාතික ක්‍රීඩාවේ කණිෂ්ඨ පුහුණු කාර්ය මණ්ඩලයට අලුත් පත්කිරීම්

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි , 13 කොළඹ (LNW): ජාතික කනිෂ්ඨ (අවුරුදු 20 න් පහළ) බාලක සහ බාලිකා වොලිබෝල් කණ්ඩායම් සඳහා, 2024 වර්ෂයට පුහුණුකරුවන් තෝරා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.මේ යටතේ එම කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු සහ අභ්‍යාසක යන තනතුරු සඳහා ද අයදුම්පත් කැඳවනු ලැබේ.


ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන්නන්ට අයදුම් කරන තනතුර සමඟ සියලු සුදුසුකම් සහිත විස්තර ඇතුලත් අයදුම්පත්‍රයක් සකස් කර 2024 පෙබරවාරි මස 29 දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමේ හැකියාව ඇත.
ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීම සඳහා ලිපිනය පහත දක්වා ඇත.


ප්‍රධාන ලේකම්,ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය,නො: 33,ටොරින්ටන් පෙදෙස,කොළඹ 07.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ හා වරප්‍රසාද මුදල් කප්පාදුකර සහන වඩපිළිවෙලට යොදන්න – මන්ත්‍රී රවීගෙන් යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත්...

ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ්...

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...