බංකොලොත් රටේත් ගුණාත්මක භාවයෙන් පහළ බාල බෙහෙත් ලක්ෂ 220ක් ජනතාවට ලබා දෙන රජයක් පවතින බවත් සෞඛය ක්ෂේත්රය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර වල හොරකම දූෂණය වංචාව ක්‍රියාත්මක වන ගමන් රටේ පාලකයන් හිතුමතේට රටේ සම්පත් විකුණන් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මොවුන් මේ යන විදිහට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දළදා වහන්සේ පවා විකිණිය හැකි බවත් ජනතාවගේ තාවකාලික භාරකරුවන් ලෙස සිටින රජය මේ ආකාරයට අත්තනෝමතිකව කටයුතු කරන විට ජනතාව තවදුරටත් බලා සිටිනවාද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 95 වැනි අදියර යටතේ රත්නපුර බටුහේන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට පසුගියදා (13) එක්වෙමිනි.
රටේ තියෙන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ රජයක්
කවුරු මොන කතා කිව්වත් අද රටේ පවතින්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ ජන වරමක් නැති රජයක් බවත් මේ වරම තුළ හොරකම දූෂණය වංචාව මහදවල් සිදුවන නිසා එය නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ලෝකයේ දූෂණ ශ්‍රේණිගත කිරීම්වල අප ඉතා නරක තැනක සිටින නිසා සෘජු විදේශ ආයෝජන රටට නොඑන බවත් එයට හේතුව ඉහළ සිට පහලට කොමිස් ලබා දීමට සිදුවීම බවත් මේනිසා කර්මාන්තකරුවන් රට හැර යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ලයිට් බිල් නොගෙවපු පාලකයන් පවා සිටිනවා
විදුලිය පවා විසන්ධි කරන විට රටේ පාලකයෝ විදුලි බිල් නොගෙවා සිටින බවත් හොර කල්ලියේ නායකයා පවා විදුලි බිල් ගෙවීම පැහැර හැර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
හැමෝම එකතු වුනොත් රට ගොඩගන්න පුළුවන්
රටේ පවතින අන්ධකාරයෙන් යුත් උමගේ අග එලියක් නැතැයි නොසිතන ලෙසත් මේ අන්ධකාරයෙන් රිදී රේඛාවක් නිර්මාණය කළ හැකි බවත් රටේ ලක්ෂ 220ම අත්වැල් බැද ගතහොත් හිරෝෂිමා ප්‍රහාරයෙන් පසු ජපානය සීඝ්‍ර සංවර්ධනයක් අත්කර ගත්තා සේ ජනතාව එකතු වී රට ගොඩගත හැකි නමුත් ඒ සඳහා හොරකම දූෂණය වංචාව තුරන් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අරගලයටත් පෙර අපි ක්රමයේ වෙනසක් කළා
අරගලයටත් පෙර සිටම සමගි ජන බලවේගය ක්රමයේ වෙනස ආරම්භ කළ බවත් රටේ වෙනසක් තුළින් සමගි ජන බල වේගයට ජනතා ආශිර්වාදය ලැබෙන විට මීටත් වඩා වැඩ කොටසක් සිදු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 95ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 936ක් වැය කර තිබේ.
RN