පිරිමි කේවල,පිරිමි යුගල සහ මිශ්‍ර යුගල තරගවලින් ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි , 17 කොළඹ (LNW): පිරිමි කේවල,පිරිමි යුගල සහ මිශ්‍ර යුගල තරගවලින් ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට රැඟෙන ඒමට ගාල්ල දඩල්ල ගෘහස්ත ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුණා. ඒ අතරින් විරේන් නෙත්තසිංහ පිරිමි කාණ්ඩයෙන් මෙන්ම පිරිමි යුගල කාණ්ඩයෙන් ද අවසාන 8 දෙනා අතරට ඒමට සමත් වුණා.මේ තරගාවලියේ කේවල ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන විරේන් අවසන් 16 දෙනාගේ වටයේදී ලකුණු 21 – 19 සහ 21 16 ක් ලෙස ඉන්දියාවේ දර්ශන් පුජාරි පරාජයට පත් කළා.


පිරිමි යුගල තරග අංශයේදී බුවනෙක ගුණතිලක සමඟ එක්ව තරග වැඳි විරේන්,ඔවුන්ට එරෙහිව තරග වැදී ශ්‍රී ලංකාවේම නෙතිල් මුණසිංහ සහ මනිත් තීක්ෂණ පරාජයට පත් කළේ ලකුණු 21 – 16 සහ 21 – 8 ක් ලෙස පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින්.එසේම පිරිම යුගල තරග කාණ්ඩයේ අවසාන 8 දෙනා අතරට පිවිසුණු එකම යුගලය විරෙන් සහ බුවනෙක වෙනවා.16 දෙනා අතර සිටි අන් කිසිඳු ශ්‍රී ලාංකේය ක්‍රිඩක යුගලයකට ඉන් ඉදිරියට යාම අහිමිවන තත්ත්වයක දී විරේන් සහ බුවනෙක පමණක් අවසන් අට දෙනා අතරට පිවිසීම කැපී පෙණුනා.


පිරිමි කේවල තරගවලදී අවසන් අට දෙනා අතරට තවත් ලාංයෙ නමක් එකතු කරන්නට දුමිඳු අබේවික්‍රම සමත් වුණා.ඔහු 16 දෙනාගේ වටයේදි ලකුණු 21 – 18 සහ 21 – 10 ක් ලෙස ඉන්දීය ක්‍රීඩක ඟගන් බාල්යන් පරාජයට පත් කළා.පෙබරවාරි 17 දා පිරිමි අර්ධ අවසන් පූර්ව වටයේදී විරෙන් සමඟ කැනඩාවේ ෂියාඩොන්ග් ෂෙන්ග් තරග වඳිනවා. මීට පෙර පැවති තරගාවලියේදී විරෙන් අතින් පරාජයට පත් වූ සහ මෙම තරගාවලියේදී බුවනෙකව පරාජයට පත් කළ ඉන්දියාවේ තරුන් මාන්නපිල්ලෙයි දුමිඳුගේ ප්‍රතිවාදියා ලෙස හමුවීමට නියමිතව තිබෙනවා.


කාන්තා කේවල සහ කාන්තා යුගල තරග නියෝජනය කරමින් මේ වන විට කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක දකින්නට ලැබෙන්නේ නැහැ.එහෙත් මිශ්‍ර යුගල තරගවලදී අවසන් අට දෙනා අතරට පිවිසෙන්නට තුලිත් පල්ලියගුරු සහ වරංගනා ජයවර්ධන සමත්ව සිටිනවා.ඔවුන් එම සුදුසුකම සපුරා ගැනීම උදෙසා 16 දෙනාගේ වටයේදී ඉන්දියාවේ ආයුෂ් රාජ් ගුප්තා සහ ශ්රුතී ස්වේන් ලකුණු 21-19, 21-23 සහ 21-15 ලෙස පරාජයට පත් කරනු ලැබුවා.මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙන්නේ මිශ්‍ර යුගල අංශයෙන් අවසන් අට දෙනා අතරට පිවිසුණු තුලිත් පල්ලියගුරු සහ වරංගනා ජයවර්ධනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ට දඬුවම් කිරීම ජනතාවගේ අපේක්ෂාවයි. අපේ සීමාව තුළ අපට කළ හැකි දේ අපි කරමින් ඉන්නවා – මන්ත්‍රී මනුවර්ණ

බංකොලොත් රටේ මහජනතාවගේ ධනය කාබාසිනියා කළ හිටපු පාලකයාට දඬුවම්...

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...