විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යන්නේ අනුරගේ ජයග්‍රහණයට බයේ – නලින්ද

Date:

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් මේ මොහොතේ ඉදිරිපත්ව ඇත්තේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමේ කුමන්ත්‍රණයක් වශයෙන් බව එම පක්ෂයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා පවසයි.

“මෙතුවක් කාලයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අකමැති වෙච්ච අය, විධායකය අහෝසි කරන්න අවස්ථාව තිබියදී ඒක මඟහැරලා ගිය අය දැන් කතා කරනවාලු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා හරි මාලිමාවේ ජයග්‍රහණය වළක්වන්න ඕනෙ කියලා. ඒකට තමයි දැන් කුමන්ත්‍රණය සිද්ධ වෙන්නෙ. අද ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නෙ මේ රටේ ජනවරමක් සහිත ආණ්ඩුවක් බලයට පත්වෙනකල්. මොකද ලෝකෙ රටවල් ලෑස්ති නෑ මේ වගේ පස්ස දොරෙන් රිංගපු ජනාධිපතිවරයෙක් එක්ක කටයුතු කරන්න.”

නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...