ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයකු වන හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට !

Date:

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තාගේ සමීපතම ගෝලයකු හෙරොයින් සමග පෙරේදා (16) පස්වරුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් අසලදී අත් අඩංගුවට ගෙන තිබිණි.

එසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු බව සඳහන්.

සැකකරු පැමිණි මෝටර් රථය පරීක්ෂා කිරීමට යෑමේදී විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු ද අනතුරට ලක්කරමින් පළායෑමට ඔහු උත්සාහ කර ඇති අතර පොලීසිය සඳහන් කළේ එම අවස්ථාවේදී සැකකරු සමග ශිරන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාසික් නැමැත්තාද සිට ඇති බවය.

පසුව ඔවුන් මෝටර් රථයෙන් බැස දිවයන අයුරු අසල වූ සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.

එම අවස්ථාවේදී ඔවුන් පසුපස හඹායන නිලධාරීන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත්තද ඒම රූපරාමුවල සිටින ශිරාන් බාසික්ගේ පුත්‍රයා පළාගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ තුනක යතුරු තිබී ඇති අතර ඒ්වා පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 19ක් හා විදෙස් මුදල් තොගයක් ද සොයාගෙන තිබේ.

එමෙන්ම පලා ගිය නදීන් බාසික්ගේ විදෙස් ගමන් බලපත්‍රය ද වාහනයේ තිබී හමුවී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...