ඉන්දියාවට එක් අවසාන තරගයක් පමණයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 18 කොළඹ (LNW): තායිලන්තයට තුනයිගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන පැවති ලීනින්ග් ජාත්‍යන්තර අභයෝගතා සූරතාවලියේ වැඩි ගෞරවය දිනා ගන්නට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණත් අද කිමාවට පත්වන ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරගාවලියේ දී අවසාන තරගයක ඉන්දීය නියෝජනයක් දකින්නට ලැබෙන්නේ පිරිමි කේවල තරග අංශයේදී පමණය.එහිදී ඉන්දීය ක්‍රීඩක රාහුල් භාරද්වාජ් කැනේඩියානු ක්‍රීඩක ෂියාඩොන්ග් ෂෙන්ග් සමඟ තරගයට පිවිසීමට නියමිතය.

කාන්තා කේවල අවසාන තරගයේදී ඉන්දුනීසියාවේ රුසානා රුසානා සහ මැලේසියිවේ සිටී ෂුලයිකා මුණ ගැසීමට නියමිතය.පිරිමි යුගල අවසාන තරගයේදී දැකිය හැක්කේ ඉන්දුනීසියානු ක්‍රීඩක යුගලයක් වන රීසා දෙවිච්චයා පූර්ණමා සහ රියාන් කැන්නා වාඩ්, තායිලන්තයේ සිරාවත් සොට්හොන් සහ නැට්ටාපාට් ට්‍රින්කජි සමඟ තරග කරන අයුරුය.

කාන්තා යුගල සූරතාවය දිකා ගැනීමට සටන් කරන්නේ තායිලන්ත ක්‍රීඩිකාවන් යුගල දෙකක්මය.එක් පසෙකින් ප්‍රින්ඩා පට්ටන්නවාරිට්ටිපන් සහ ඇටිටයා පොවනන්ය.අනෙක් පසින් ඔවුන්ට එරෙහිව එන්නේ පිච්මොන් පච්චරපිෂුට්ෂින් සහ නන්පාන් ෂුක්ලාඩි ය.මිශ්‍ර යුගල අවසාන තරගයේදී ද සිටින්නේ තායිලන්ත නියෝජනයන්මය.පත්‍රාතෝන් නිපොර්න්රාම් සහ නට්ටාමොන් ලයිසොන් එක පසෙකින් සූරතාවය සඳහා වන සටනට පිවිසෙද්දි තායිලන්තයේම නෙව්වාඩුආන්ග් මැන්ග්කෝර්න්ලොයි සහ ඇටිටයා පොවනන් ඊට එරෙහිවීමට නියමිතව සිටිති.

අවසාන තරග තුනකදී තායිලන්ත නියෝජනයන් දැකිය හැකි අකර එම පිවිසීම් සළකා බලද්දී අනිවර්යෙන්ම කාන්තා යුගල සහ මිශ්‍ර යුගල සූරතා අන්වාර්යෙන්ම තායිලන්තයට යාම ස්ථිරය.ඉන්දුනීසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අවසාන රග දෙකකදී දැකිය හැකි අතර එක් මැලේසියානු නියෝජනයක් ද කාන්තා අවසාන තරගයේදී දැකිය හැකිය.මේ සමග වන ඡායාරූපයේ දැක්වෙන්නේ තායිලන්තයේ සිරාවත් සොට්හොන් සහ නැට්ටාපාට් ට්‍රින්කජි මේ තරගාවලියේ ක්‍රීඩා කරන ලද අවස්ථාවක්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...