ශ්‍රී ලංකාව සඳහා පත්වූ එක්සත් ජනපදයේ අභිනව තානාපතිනිය විදේශ ඇමති හමුවෙයි

Date:

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත්වූ එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් මැතිනිය,  2022 මාර්තු 9 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා හමු වූවා ය.

තානාපති චුන්ග් මැතිනිය උණුසුම් ලෙස පිළිගත් අමාත්‍ය පීරිස් මැතිතුමා, එතුමිය ශ්‍රී ලංකාවේ සේවය කරන කාලය තුළ එතුමිය සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය වැදගත් හවුල්කරුවෙකු ලෙස සලකන බව සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා,  දෙරට අතර පවත්නා දිගුකාලීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා බයිඩ්න් පරිපාලනය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය කැමැත්තෙන් පසුවන බව යළි අවධාරණය කළේ ය.

එක්සත් ජනපදය  ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් දේශපාලන සහ ආර්ථික හවුල්කාරිත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින බව, තානාපති චුන්ග් මැතිනිය තහවුරු කළා ය. ශ්‍රී ලංකාව සමඟ පවත්නා සබඳතා ගැඹුරු කිරීමටත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඵලදායී හවුල්කරුවෙකු බවට පත් වීමටත් එක්සත් ජනපදය අපේක්ෂා කරන බව එතුමිය ප්‍රකාශ කළා ය.

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ තානාපති චුන්ග් මැතිනිය, දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැත්වූ අතර, ගෝලීය වශයෙන් වැදගත් වන  සමකාලීන ගැටළු සම්බන්ධයෙන් සිය අදහස් හුවමාරු කර ගත්හ. ශ්‍රී ලංකා රජය ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජනපදයේ තානාපතිනිය දැනුම්වත් කළේ ය. ශ්‍රී ලංකා-එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරය මෙම මස අවසානයේ කැඳවීමට සූදානම් වීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සිය ප්‍රසාදය පළ කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කොළඹ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම හමුවට සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 10 වැනි දින 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...