ඖෂධ මිල ඉහළ දැමීම සඳහා සමාගම්වලට අනුමැතිය ලබාදුන් බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඩොලරයේ අගයට සමානුපාතිකව යම් ප්‍රතිශතයකින් ඖෂධ මිල ඉහළ යනු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
කිසිදු ඖෂධ හිගයක් නොමැති බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ අද සිට නියමිත පරිදි ඖෂධ සැපයුම් හා බෙදාහැරීම් සිදු කිරීමට සමාගම් එකඟ වූ බවයි. මාස හතරක ප්‍රමාණවත් ඖෂධ තොග සමාගම් සතුව පවතින බවද ජයසුමන මහතා සඳහන් කරනවා.
ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීම් සමාගම් ඊයේ ඇමතිවරයා සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී මෙම එකඟතාවලට පැමිණ ඇත.
ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඖෂධ හිගයක් ඇති නොවන බවට සහතිකයක් ලබාදිය හැකි බවයි.
UN