ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා නව වැඩපිළිවෙළක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ (SLAEB) සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා පවසන්නේ ශ්‍රී ලංකාව න්‍යෂ්ටික බලශක්ති උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නීති රීති සකස් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව මෙම වසරේ (2024) ජුනි මාසය වන විට එම ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර සන්දර්භය තුළ ක්‍රියාත්මක වන අදාළ නීතිමය සහ නියාමන රාමු සැලකිල්ලට ගෙන මෙම කමිටු වාර්ථාව සැකසෙන බවත් පෙන්වා දෙයි.

මහාචාර්ය රෝසා සඳහන් කරන්නේ, වෛද්‍ය, පාරිසරික, කෘෂිකාර්මික, කාර්මික සහ වෙනත් සාමකාමී අරමුණු සඳහා සහ ජාතික සංවර්ධනය සඳහා අවශ්‍ය වන පරිදි විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුව සඳහා විකිරණශීලී ද්‍රව්‍ය සහ අයනීකරණ විකිරණ භාවිතය කිරීමට ඉඩ සලසන ලෙස වෙනත් රටවල නීතිමය සහ නියාමන රාමු පිළිබඳව කමිටුව සොයා බලන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවට ගැළපෙන නීති සහ රෙගුලාසි සැකසීම කමිටුවේ අරමුණ බවත්ය.

මාස කිහිපයකට පෙර වැඩ ආරම්භ කරන ලද මෙම කමිටුව (SLAEB),අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC), නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් නියෝජනය කරන විශේෂඥයින් සහ නිලධාරීන් ඇතුළත් වේ. මෙරට වැඩිවන බලශක්ති ඉල්ලුමට පිළියමක් ලෙස රුසියාවේ සහාය ඇතිව වෙරළාසන්න හෝ අක්වෙරළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම පිළිබඳ මේවන විට යෝජනාවක්ද සාකච්ඡාකරමින් තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (050 දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...