මහබැංකුව ස්වාධීන කළේ පාර්ලිමේන්තුවයි. මට කරන්න කිසිම දෙයක් නෑ – පඩි ප්‍රශ්නය ගැන ජනපති කියයි !

Date:

ශ්‍රී ලංකා මහබැංකුවේ සේවකයින්ගේ වැටුප් විශාල වශයෙන් වැඩිකරගැනීම නිසා මේ දවස්වල රටේ දේශපාලනය හොඳටම රත්වෙලා තියෙන්නෙ. ඊයෙ පෙරේදා දවසක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසකුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙලා මේ ගැන කතා කරලා.

මේ පඩි වැඩිකරගැනිල්ල ගැන රටේ මිනිස්සු කතාවෙන දේවල් ජනාධිපතිවරයාට කියපු ඔවුන් අන්තිමේ කියලා තියෙන්නෙ “සර්, මේක ජනාධිපතිවරණ ඡන්දයට පවා තදබල විදිහට බලපාන කාරණයක්” කියලා ලු.

“ඔතනදී මට කරන්න කිසිම දෙයක් නෑ. මහබැංකුව ස්වාධීන ආයතනයක්. ඒගොල්ලො ඒගොල්ලන්ගෙ වැටුප් තීරණය කරගන්නවා. මහබැංකුව ස්වාධීන ආයතනයක් විදියට පනත සම්මත කරලා දුන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒක නිසා මට කරන්න කිසිම දෙයක් නෑ. මේක ඡන්දයකට බලපාන විදිහ විතරක් නෙවෙයි, ඉදිරි තත්වයන් ගැනත් සලකලා බලලා පනත සංශෝධනය කරනවා නම් ඒක පාර්ලිමේන්තුවේ වගකීමක්” කියලා ජනාධිපතිවරයා උත්තර දුන්නා කියලායි ආරංචි.

කොහොමවුණත් මහබැංකුවේ පඩි වැඩිකරගැනිල්ලෙන් වුණේ මිනිස්සුන්ගේ ඇවිළෙන කේන්තියේ ගින්නට පෙට්‍රල් ගැහුවා වගේ වැඩක් කියලායි මේ දවස්වල දේශපාලන කරළියේ බොහෝ තැන්වල කතාබහට ලක්වෙලා තියෙන්නෙ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...