මහබැංකුව ස්වාධීන කළේ පාර්ලිමේන්තුවයි. මට කරන්න කිසිම දෙයක් නෑ – පඩි ප්‍රශ්නය ගැන ජනපති කියයි !

ශ්‍රී ලංකා මහබැංකුවේ සේවකයින්ගේ වැටුප් විශාල වශයෙන් වැඩිකරගැනීම නිසා මේ දවස්වල රටේ දේශපාලනය හොඳටම රත්වෙලා තියෙන්නෙ. ඊයෙ පෙරේදා දවසක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසකුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙලා මේ ගැන කතා කරලා.

මේ පඩි වැඩිකරගැනිල්ල ගැන රටේ මිනිස්සු කතාවෙන දේවල් ජනාධිපතිවරයාට කියපු ඔවුන් අන්තිමේ කියලා තියෙන්නෙ “සර්, මේක ජනාධිපතිවරණ ඡන්දයට පවා තදබල විදිහට බලපාන කාරණයක්” කියලා ලු.

“ඔතනදී මට කරන්න කිසිම දෙයක් නෑ. මහබැංකුව ස්වාධීන ආයතනයක්. ඒගොල්ලො ඒගොල්ලන්ගෙ වැටුප් තීරණය කරගන්නවා. මහබැංකුව ස්වාධීන ආයතනයක් විදියට පනත සම්මත කරලා දුන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒක නිසා මට කරන්න කිසිම දෙයක් නෑ. මේක ඡන්දයකට බලපාන විදිහ විතරක් නෙවෙයි, ඉදිරි තත්වයන් ගැනත් සලකලා බලලා පනත සංශෝධනය කරනවා නම් ඒක පාර්ලිමේන්තුවේ වගකීමක්” කියලා ජනාධිපතිවරයා උත්තර දුන්නා කියලායි ආරංචි.

කොහොමවුණත් මහබැංකුවේ පඩි වැඩිකරගැනිල්ලෙන් වුණේ මිනිස්සුන්ගේ ඇවිළෙන කේන්තියේ ගින්නට පෙට්‍රල් ගැහුවා වගේ වැඩක් කියලායි මේ දවස්වල දේශපාලන කරළියේ බොහෝ තැන්වල කතාබහට ලක්වෙලා තියෙන්නෙ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...