සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 27 කොළඹ (LNW): අද (27) දින ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.06 ක් ලෙසත් විකුණුම් මිල රු. 315.72 ක් ලෙසත් සටහන් වී තිබුණි.
මේ අතර අද දින ඩොලරයේ Indicative Rate of the USD/LKR Spot Exchange Rate රු. 310.75 ක් ලෙසින් වාර්තා වේ.
2023 ජූලි 10 දිනෙන් පසු ඩොලරය රු. 311 මට්ටමින් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.