*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා මලල ක්‍රිඩකයන්ට නොඳුන්න A වෙනුවට හෙට සිට දින දෙකක් E තරගාවලියක්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 27 කොළඹ (LNW): ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඊ ශ්‍රේණිය හිමිවන ශ්‍රී ලංකා විවෘත ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය මාර්තු මස පළමුවැනිදා සහ දෙවැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතව ඇත.මේ තරගාවලිය පැවත්වෙන්නේ ඒ ශ්‍රේණියේ තරගාවලියක් වන ඉරානයේ ටෙහෙරානයේ පැවති ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට කිසිඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් සහභාගි කරවීමට අපොහොසත් වූ තත්ත්වයකයි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ සමයේ අමාත්‍යංශය මලල ක්‍රීඩා ඉසව්වලට සහභාගිවීමේදී අනුග්‍රයන් ලබා දීමේ සිටම,යම් යම් ක්‍රිඩක ක්‍රීඩිකාවන් නම් කිරීම නිලධාරීන් නම් කිරිම ආදී සියලු කටයුතුවලට ප්‍රමාණය ඉක්මවා බලපෑම් කිරීම තුළින් බාධා කළ අතර ඇතැම් විට ඒ තත්ත්වය මත ආසියානු ගෘහස්ථ තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ඉල්ලා නොසිටියේද යන්න සැක සහිතයි.එහෙත් ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ වර්ථමාන අමාත්‍යවරයාගේ උපදෙස් මත ඔලිමිපික් සුදුසුකම් ලැබීමට ඇති තරගාවලියක් සම්බන්ධයෙන් දුර තියා හදුනාගෙන දැණුම් දුන්නේනම් ක්‍රීඩා අමාත්‍යංශය ඒ සඳහා අවසර දීමට ඉදිරිපත් වන බවයි.
ලංකාවේ බොහෝ ක්‍රීඩා සම්බන්ධ පරිපාලන ඒකක ඉහළ කාර්ය සාධන සංචිතය සම්බන්ධයෙන් හෝ නිසි ප්‍රතිචාර දක්වා නැති බව පෙන්වා දෙන ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග මලල ක්‍රීඩා සංගමය ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය සැළකිල්ලෙන් වැඩ නොකිරීම නිසා මඟ හරින්නට ඇති බව පෙන්වා දෙයි.
එහෙම අවධානය යොමු කර තිබුණානම් ජාතික සූරතාවලිය පවත්වන්න තිබුණේ ආසියානු තරගාවලියට ඉස්සෙල්ලා නේද? අමාත්‍යංශය වෙනුවෙන් අදහස් දැක් වූ නිලධාරියා ජාතික සූරතාවලිය ආසියානු තරගාවලියට පෙර පවත්වා සහභාගි වන්නන් ගැන නිසි අවබෝධයක් ලබා ගත යුතුව තිබුණ බව පෙන්වා දෙමින් පවසයි.
කෙසේ නමුත් ඒ ශ්‍රේණියේ තරගාවලියකදී 8 වන තැනට පැමිණියද ඊ ශ්‍රේණියේ තරගයක පළමු වැන්නාට වඩා ලකුණු ප්‍රමාණයක් එකතු කර ගැනීමේ හැකියාව තිබෙන බව මේ සමඟ ඇති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවල ඒ ඒ ශ්‍රේණි තරගවලදී ලකුණු හිමිවන ආකාරය නිරීක්ෂණය කළ විට පෙනී යනු ඇත.මෙහිදී පහත සඳහන් ඉසව් දෙක වැඩිම ලකුණු ලැබිය හැකි ඉසව් ලෙස හඳුනා ගැනීමට හැකිය.

• OW – Olympic Games and World Athletics Championships
• DF – Diamond League final
සියලු තරග ඉසව් ශ්‍රේණිගත වන ආකාරයස ඒ ඒ ශ්‍රේණියට ඇතුළත් වන තරග මොනවාද යන්නත් පහත දක්වා ඇති සබැඳිය ඔස්සේ ගොස් නිරීක්ෂණය කිරීමට අවස්ථාව ඇත. ධාවන සහ ක්ෂේත්‍ර ඉසව් කණ්ඩායම් සඳහා ස්ථානගත කිරීමේ ලකුණු (මීටර් 5000, මීටර් 10,000 සහ 3000mSC හැර) එහිදී අවබෝධ කර ගැනීමේ හැකියාව ඇත. එහිදී ස්ථානගත කිරීමේ ලකුණු සාමාන්‍යයෙන් ප්‍රදානය කරනු ලබන්නේ තරඟයේ අවසාන තරඟයේදී පමණි, ස්ථානගත කිරීම් වල වැඩි ගැඹුරක් ලබා දීම සඳහා, OW, DF, GW සහ GL කාණ්ඩවල අවසාන තරඟයට පෙර අවසන් වටයේදීද ස්ථානගත කිරීමේ ලකුණු ප්‍රදානය කෙරෙන බැවින් එම තැන්වල පළමු අටදෙනාට අමතරවද ලකුණු ප්‍රදානයන් සඳහන් කර ඇත.
https://en.wikipedia.org/wiki/World_Athletics_Rankings

එසේම දක්ෂතා විශලේෂණයේදී හපන්කම් පාන මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් මෙන්ම ලෝකය සම්බන්ධයෙන් වන අලුත් වෙනස්වීම් ගැන අවධානයෙන් සිටින්නෙක් වන මාධ්‍ය සෙනරත් බණ්ඩාර තැබූ සටහනක් ද මේ සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් ලැබා ගැනීමට අපි මෙහි අලවා තබන්නට තීරණය කළෙමු.මන්ද ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලිය අහිමි කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට සිඳු වූ පාඩුව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිඳු වූ අගතිය එහි සවිස්තරාත්මකව දත්වා ඇති බැවින්ය.මෙතන සිට ඇත්තේ මාධව,ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලිය ඇරඹෙන දිනයේ තැබූ සටහනය.

මාධවගේ සටහනට →
අද(17) ආරම්භවන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතා තරඟය සහ 2024 වසරේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැදගත් වන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟ…
වසර දෙකකට වරක් පැවැත්වෙන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟය ඉරානයේ ටෙහෙරාන් හිදී අද ආරම්භ වෙනව. ටෙහෙරාන් කියන කොටම ලංකාවෙ ජේෂ්ඨ මලල ක්‍රීඩා ලෝලීන්ට නම් මතක් වෙන්නෙ මීට අවුරුදු 50 කට කලින් 1974 Asian Games වලදි, වාර්තා තියල රන් පදක්කම් 2 ක් දිනපු එක. අපේ පරපුරේ අයට ඒක දකින්න වාසනාව තිබුනෙ නැතත් Sunil Gunawardena sir ඒ ගැන රස කර කර කියන හැටි මැවිල පේනව.


කොරෝන උවදුර නිසා 2018 ට පස්සෙ Asian Indoor meet එකක් තිබුනෙ 2023 දි, නමුත් 2023 දි වගේම 2024 දිත් ශ්‍රී ලංකාව මේ සඳහා කණ්ඩායමක් ඉදිරිපත් කරන්න අපොහොසත් වෙලා තියෙනව, නමුත් අසල්වැසි ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකුත් බංග්ලාදේශය 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකුත් 2024 ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරඟයට සහභාගී කරවනව. අපි අවසන් වරට සහභාගී වුනු 2018 Asian indoor meet එකේදි ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගන්න සමත් වුනා, ඒ කාන්තා මීටර් 1500 තරඟයෙන් ගයන්තිකා රන් පදක්කම සහ ලෝකඩ පදක්කම් 3 මීටර් 800 න් නිමාලි, මීටර් 400 න් උපමාලිකා සහ දුර පැනීමෙන් ජනක විමලසිරි දිනාගත්ත. ඒ තරඟාවලිය පැවැත්වුනෙත් ඉරාණයෙ ටෙහෙරාන් වලදි මයි.
2024 Asian indoor Athletics Championship එක අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැදගත්ද?
ඔව්, මේක ඉතාම වැදගත් තරඟයක්, ප්‍රධානම කාරණය මේක A ශ්‍රේණියේ තරඟයක් ඒ කියන්නෙ මේ තරඟයෙදි ප්‍රසාද ලකුණු ලැබෙන්නෙ Asian Games වලදි ලකුණු ලැබෙන විදිය හා සමානවමයි. තව විදියකින් කිව්වොත් 2024 අවුරුද්දටම ආසියාවෙදි පැවැත්වෙන්නෙ A ශ්‍රේණියෙ මලල ක්‍රීඩා තරඟ 2 ක් විතරයි, එකක් Asian Indoor එක අනික ජපානයේ පැවැත්වෙන Seiko Grand Prix එක, මේ තරඟ දෙකෙන් ජපානයෙ තියෙන meet එකෙන් අපිට දිනන්න අමාරුයි මොකද ඒකට ලෝකෙ ඕනෙම රටක ඉන්න දක්ෂ ක්‍රීඩකයන්ට සහභාගී වෙන්න පුළුවන් නමුත් Asian Indoor එකට සහභාගිවෙන්න පුළුවන් ආසියාවෙ ක්‍රීඩකයන්ට විතරක් නිසා අපිට පහසුවෙන් ලකුණු ලබාගන්න පුළුවන්. ඒ වගේම අපිට වැදගත් වන සමහර ඉසව් ජපාන තරඟයෙදි පවත්වන්නෙත් නැහැ.


මේ වගේ තරඟවලින් ලැබෙන ප්‍රසාද ලකුණු වැදගත් වෙන්නෙ ඔලිම්පික් සුදුසුකම් ලැබීමට විතරක්ද?
නැහැ.


ඔලිම්පික් හෝ ලෝක ශූරතා තරඟ සඳහා සුදුසුකම් ලැබීම තමයි ප්‍රධානම අරමුණ නමුත් ඊට අමතරව ප්‍රධානම වැදගත්කම තමයි විශේෂයෙන් ලෝකයේ පැවැත්වෙන අනෙකුත් ප්‍රධාන තරඟ සඳහාත්, ඒ කියන්නෙ Diamond League සහ විශේෂයෙන් Continental tour Gold(A) සහ Silver (B) තරඟ සඳහා සහභාගීවීමට මූලික සුදුසුකම වන්නෙ ශ්‍රේණිගත ක්‍රිඩකයෙකු (Ranked Athlete) වීමයි, මෙතනදි ශ්‍රේණිගත ක්‍රීඩකයෙක් කියල හඳුන්වන්නෙ කලින් අවුරුද්දෙ සැප්තැම්බර් 30 වෙනිද වෙද්දි, ධාවන තරඟ වල නම් ලොකයේ පළමු 100 දෙනා අතර සහ පිටියේ තරඟවල නම් ලෝකයේ පළමු 50 දෙනා අතර ශ්‍රේණිගත වී සිටීමයි. මේ හේතුව නිසා ඔලිම්පික් සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයන්ට වගේම අපේ දෙවන පෙල ක්‍රීඩකයන්ටත් මේ වගේ තරඟවලට සහභාගී වෙලා ලෝක ශ්‍රේණිගත කිරීම් වල ඉහළ ස්ථානයක් ලබා ගැනීම ඉතාම වැදගත්.


ආසියාවෙ වෙන A, B ශ්‍රේණිවල තරඟ නැති වුනාට ලෝකෙ ඕන තරම් A,B තරඟ තියෙනව නේද? ඉතින් අපිට ඒවට සහභාගී වෙන්න පුළුවන් නේද?


ඔව්, වෙන රටවල A,B තරඟ තියෙනව තමයි නමුත් අපිට ඒ තරඟවලින් ප්‍රායෝගිකව සහභාගී වෙන්න පුළුවන් ඔස්ට්‍රේලියාවෙ හෝ යුරෝපයෙ පැවැත්වෙන තරඟවලට විතරයි, ඔස්ට්‍රේලියාවෙ තියෙන්නෙ එකම එක A grade තරඟයක් විතරයි ඒක පෙබරවාරි 15 වෙනිද පැවැත්වුනා. B grade තරඟ එකක් වත් ඔස්ට්‍රේලියාවෙ හෝ නවසීලන්තයෙ පැවැත්වෙන්නෙ නැහැ. යුරෝපයේ නම් 2024 දි A grade තරඟ 10 ක් තියෙනව ඒකෙන් 4 ක් indoor තරඟ, ඒ තරඟ 4 න් 3 ක් මේ වෙනකොට පවත්වල අවසන්, ඒ තරඟවල තරඟකාරීත්වය කොහොමද කියල අවබෝධ කරගන්න මුලින්ම A grade තරඟයක පවත්වපු කාන්තා මීටර් 800 සහ 1500 තරඟ ප්‍රතිඵල පහතින් දක්වන්නම්(පිංතූර බලන්න). කාන්තා මීටර් 800 indoor(200m) track එකේ 1:57 කින් දුවනව දෙවෙනිය 1:59 යයි, මීටර් 1500 මුල් දෙන්නම 3:55 කින් දුවනව ලෝක වාර්තාවත් 3:53 යි, මේ අය මේ ඉසව් වල ලෝකෙ ඉන්න හොඳම අය නෙවෙයි, දෙවෙනි පෙළ ක්‍රීඩිකාවො. මම මේ දේවල් වලින් පෙන්නන්න උත්සහ කලේ යුරෝපයේ 2024 දි තියෙන තරඟකාරීත්වය, ඔලිම්පික් අවුරුද්දක් නිසාත්, 2024 ඔලිම්පික් තියෙන්නෙ යුරෝපයෙ නිසාත් ඔලිම්පික් ළං වෙද්දි මේ තරඟකාරීත්වය තවත් වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා යුරෝපයේ තරඟ කරල ඔලිම්පික් සුදුසුකම් ලබන එක එච්චර පහසු දෙයක් නෙවෙයි.


අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් සුදුසුකම් ලබන්න පුළුවන්ද?
ඔව්, අපි ලංකාවෙ පුහුණුවෙන ක්‍රීඩක ක්‍රීඩිකාවො ගැන කතා කරොත්, අපේ සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2023 දි දක්වපු දක්ෂතා නිසා ඉතා පහසුවෙන් ඔලිම්පික් සුදුසුකම් ලබන්න අවස්ථාව තියෙනව, ඒ වගේම තවත් සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ආසියානු ගෘහස්ථ තරඟය අහිමි වීමෙන් සිදුවුනේ විශාල පාඩුවක්, ඔවුන් ඉදිරියේදී ආසියාවේ පැවැත්වෙන C ශ්‍රේණියේ තරඟවලදී සහ ආසියාවේදී අපිට ඇති එකම B ශ්‍රේණියේ තරඟය වන අපේ ජාතික ශූරතාවයේදී හොඳ දස්කම් අතරට පැමිණියොත් ඔලිම්පික් සුදුසුකම් ලබාගත හැකියි. පිරිමි මීටර් 400 x 4 කණ්ඩායම දැන්ටත් ලෝකයේ හොඳම 16 දෙනා අතර හිටියත්, ඔලිම්පික් සහභාගීත්වය ස්ථිර කර ගැනීමට නම් Bahamas හි පැවැත්වෙන World relays තරඟයේදී පළමු 14 දෙනා අතර තරඟය නිම කල යුතුයි.


2024 දි පැවැත්වෙන අපිට වැදගත් වන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟ මොනවාද?
අපි A,B තරඟ ගැන කතා කරානෙ. C ශ්‍රේණියේ තරඟ 6 ක් ආසියාවේදි පැවැත්වෙනව(පළමු පිංතූරය බලන්න)


මීට අමතරව SAAF Championship එකක් ඉන්දියාවෙ Ranchi වලදි ඔක්තෝබර් 4,5,6 දිනවල පැවැත්වීමට නියමිතයි, මෙම තරඟය D ශ්‍රේණියේ තරඟයක් විදියට World Athletics එකේ register කරල තියෙනව. මේක අපේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා හොඳ අවස්ථාවක් වේවි. ඒ වගේම World U20 Championship එකට කලින් අගෝස්තු මාසෙ මුලදි SAAF U20 Championship එකක් ඉන්දියාවෙදි පවත්වන්නත් සැළසුම් කරල තියෙනව. මාර්තු 1,2 පැවැත්වෙන අපේ තේරීම් තරඟයත් E ශ්‍රෙණියේ තරඟයක් විදියට පවත්වන්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තියෙනව, මේ අනුව පළමු ස්ථානයට ප්‍රසාද ලකුණු 25 ක් ලැබෙනු ඇති.


මීට අමතරව ලෝකයේ බොහොමයක් රටවල Indoor Championship එක පෙබරවාරි 16,17,18 දවස්වල පැවැත්වෙනව. මේ අතරෙ නැරඹිය යුතුම තරඟයක් වන US Indoor Championship එකත් පෙබරවාරි 16,17 පැවැත්වෙනව.


2024 හැමෝගෙම බලාපොරොත්තු ඉටුවන ඔලිම්පික් වසරක් වේවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan