පැතුම් හෙට තරගයට නෑ ! මං හරි අසරණයි – දිමුත්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගය හෙට බැංගලෝර්හිදී ආරම්භ වේ. දිවා-රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය පැවැත්වෙන අතර තරගය නැරඹීම සඳහා සම්පූර්ණ ක්‍රීඩාංගනයම විවෘත කිරීමට ඉන්දීය ක්‍රිකට් බළධාරීත් පියවර ගෙන තිබේ.

පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජයගත් ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් සිටින අතර ශ්‍රී ලංකාව හෙට තරගයට මුහුණ දෙන්නේ කෙසේ හෝ මෙම තරගය ජයග්‍රහණය කර තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමේ අරමුණෙනි. අනෙක් පැත්තෙන් මෙම තරගය ටෙස්ට් කණ්ඩායමේ ප්‍රමුඛ වේගපන්දු තුරුම්පුව වන සුරංග ලක්මාල්ගේ අවසන් ටෙස්ට් තරගය වන අතර ඔහුට ජයග්‍රාහී සමුගැනීමක් ලබාදීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව වනු ඇත.

කෙසේ නමුත් ඉන්දියාවෙන් ලැබෙන තොරතුරුවලට අනුව නම් හෙට තරගයට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ පළමු තරගයටත් වඩා දුර්වල කණ්ඩායමක් ලෙසයි. ඊට හේතුව පළමු තරගයේදී සාර්ථක වූ එකම පිතිකරුවා වන පැතුම් නිස්සංක හෙට තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වීමයි. පළමු තරගයේදී ආබාධයකට ලක් වූ ළහිරු කුමාරද හෙට තරගයට සහභාගි වීම අවිනිශ්චිත වී තිබේ.

කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍යවලට සිදුකර ඇති අදහස් දැක්වීම්වලට අනුව නම් ඔවුන් දෙදෙනාම හෙට තරගයට සහභාගි නොවනු ඇත. පැතුම් නිස්සංක වෙනුවට හෙට තරගයට කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් සහභාගිවීමට ඉඩ තිබේ.

දිමුත් කරුණාරත්න පවසන්නේ ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ලක්වීම තමන් පසුගිය කාලසීමාව තුළ මුහුණ දුන් ලොකුම ගැටලුව බවයි. විශේෂයෙන් වේගපන්දු යවන්නන් දිගින් දිගටම ආබාධවලට ලක්වීම හේතුවෙන් නායකයා ලෙස තමන් බොහෝ අවස්ථාවලදී අසරණ වූ බවත්, ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය වැනි ඉතා වැදගත් තරගාවලියකදී මෙම ගැටලුව වඩාත් තදබල ලෙස බලපාන බවත් දිමුත් කරුණාරත්න පවසනවා.

ටෙස්ට් තරගයක් ජය ගැනීමට නම් ප්‍රතිවාදී කඩුලු 20 දවා ගැනීමට සූදානම්ව තරගයට පිවිසිය යුතු නමුත් පන්දු යවන්නන් නිතර ආබාධවලට ලක්වීම හේතුවෙන් ස්ථාවර පන්දු යැවීමේ බලඇණියක් පවත්වාගෙන යාම අසීරු බවත් ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...