කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවන්නේ පොදු පෙරමුණෙන් – නාමල්

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): වත්මන් රජයේ ඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතු බවට මත පළ කළත් එය පක්ෂයේ මතය නොවන බවත් , ඡන්දය ප්‍රකාශයට පත් කළ පසු පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .


මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ කවුරුන් කෙසේ පැවසුවද මීළඟ ජනාධිපතිවරයා බිහිවනු ඇත්තේ පොදු ජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවයි .

ජනාධිපතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සිටින අපේ අය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර උසුලන අයගෙත් අදහසක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියා . තවත් අය තවත් නම් ඉදිරිපත් කරනවා . නමුත් ඒ කිසිවකටත් අප කලබල විය යුතු නැහැ.


තම තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත් වෙනත් පක්ෂවල මේ ආකාරයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය පවා තහනම් වන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය .


මාර්ග ගත ක්‍රමවේදයේ සුරක්ෂිතතාවය පිළිබඳ පනතට කතානායකතුමා අස්සන් කළා යයි විපක්ෂය කලබල කළත් එය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු කතා නායකවරයා ඊට අත්සන් තබා ඇති බවත් ඒ පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තිබේ නම් නීතිපතිවරයා සමග සාකච්ඡා කොට කථානායකවරයාට තීරණයකට එළඹිය හැකි බවද රාජපක්ෂ මහතා පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2 සහ 6 ශ්‍රේණි සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කරන ලද ජාතික විෂය...

ලලිත්-කුගන් නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම නොවැම්බර් 27 දිනට නියම කෙරේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...

උදය ගම්මන්පිල නිදොස්කොට නිදහස් – මහාධිකරණය තීන්දු කරයි !

ඕස්‍ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල්...

ඥානසාර හිමිට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට...