ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දුන්නත් නොදුන්නත් පොහොට්ටුව හැර යන්නේ නෑ – දිළුම්

Date:

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඉල්ලනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී තීන්දුවක් ගනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනවාද යන්න ඉන්පසුව පොහොට්ටුව විසින් තීරණය කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ඒ තීන්දුව කුමක් වුවත් තමන් පොහොට්ටුව අත්හැර වෙනත් දේශපාලන පක්ෂයකට එකතු නොවෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රශ්නය – දැන් ඔබතුමා පොහොට්ටුවෙද ඉන්නෙ, රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාවද ?

“මගේ පක්ෂය පොහොට්ටුව. දැන් මම ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට”

ප්‍රශ්නය – දැන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් වෙනම පක්ෂයක් පිහිටුවමින් යනවා. ඔබතුමා ඒකට සහාය දක්වනවාද ?

“අපි වෙනම පක්ෂයක් නොපිහිටුවා අපි එතුමාට සහාය පළකරගෙන යනවා අපි ඉන්න පක්ෂෙම”

ප්‍රශ්නය – ඉදිරියේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා විදියට ඔබතුමා තෝරන්නෙ රනිල් වික්‍රමසිංහවද ?

“මට තෝරන්න පුළුවන් නම් ඒක මම පස්සෙ කියන්නම්, නමුත් මට තෝරන්න බැහැ. ඉතින් පක්ෂවලින් තීන්දුවක් ගයි. පොහොට්ටුවෙන් තීන්දුවක් ගයි කවුද තෝරන්නෙ, කාටද සහාය දෙන්නෙ කියලා. ජනාධිපතිතුමා තීන්දුවක් ගයි පොහොට්ටුවෙන් සහාය ඉල්ලනවද නැද්ද කියලා, ගොඩක්දුරට එතුමා ඉල්ලයි. ඉතින් එතුමා ඉල්ලුවොත් එතුමාට සහාය ලබලා දෙනවා, එතුමා නොඉල්ලුවොත් පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් දායි. අපිට එතකොට තීන්දුවක් ගන්න පුළුවන්”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමාගෙ දැනට තියෙන පෞද්ගලික සහාය නම් අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට ?

“මම එතුමාගෙ රාජ්‍ය ඇමතිවරයා හැටියට එතුමාටනෙ සහාය තියෙන්න ඕනෙ ?”

ප්‍රශ්නය – ඒ කියන්නෙ එතුමා ඉදිරියේදී ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණොත් එතුමාට ඒ සහාය දක්වන්නත් සූදානම් ?

“නෑ. අපි පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. පක්ෂයක් හැටියට සාමුහික තීන්දුවක් ගන්න ඕනෙ මොකක්ද කරන්නෙ කියන කාරණය. මේ වෙලාවෙ අපි පක්ෂයක් හැටියට එතුමාට සම්පූර්ණ සහාය දෙනවා, එතුමා දැනටත් ජනාධිපති කෙරුවේ අපිනෙ. පොහොට්ටුවෙ ඡන්දවලින් තමයි එතුමා දැනටත් පාර්ලිමේන්තුවෙ ඡන්දෙකින් ජනාධිපතිවරයා හැටියට පත්වෙලා ඉන්නෙ. ඉදිරියේදී එතුමා සහ අපේ පක්ෂය තීන්දුවක් ගයි. ඒ අනුව අපි සහාය පළ කරනවා. අපි වෙන පක්ෂවලට යන්නෙ නෑ. සහාය පළ කෙරුවත්, මොනවා කෙරුවත් අපි මේ පක්ෂයේ ඉඳලා තමයි කටයුතු කරන්නෙ”

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (27) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ලංකාව අහක බලාගෙන ඉන්න පයේ හැපෙන ඉල්ලම් ගොඩ

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: ශ්‍රී ලංකාව කාටවත් දෙවැනි...

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...