කෙහෙළිය බොරුව දාලා උසාවිය මගහැර ඇති බව හෙළිවෙයි. යළි රිමාන්ඩ් !

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම ඔස්සේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

පසුගිය නඩු වාරයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් නොවීමට හේතුවූ අසනීප තත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත් කළ නවදෙනෙකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කමිටු වාර්තාව ඊයේ දිනයේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු සිය රෝග තත්ත්වය පිළිබඳ ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පෙර දින අධිකරණය මගහැර ඇති බව එයින් අනාවරණය වී ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ “ස්වාමීනී, මේ වනවිට මගේ අතට ලැබී ඇති එම විශේෂඥ වෛද්‍ය වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පෙර දින අධිකරණයේ පෙනී නොසිටීමට තරම් බරපතළ රෝගී තත්ත්වය නොතිබූ බව. සැකකරුට ශ්වසන අසාත්මිකතාවක් හා පපුවේ වම්පස වේදනාවක් පැවත තිබුණද එය අධිකරණයේ පෙනී නොසිටීමට තරම් හේතුවක් නොවන බව මෙම කමිටුව සඳහන් කර තිබෙනවා. එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සැකකරු බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කිරීමට තරම්වත් සංකීර්ණ රෝගී තත්ත්වයකින් පසුනොවූ බවයි. එබැවින් අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස මා ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙනි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් “බන්ධනාගාර වෛද්‍යවරු දැනගන්න ඕනේ මේ වගේ නඩුවකට වෙනදා සැකකරුවන් සම්බන්ධයෙන් ලබාදෙන සාමාන්‍ය වාර්තා නොදෙන්න. මොකද, මෙහිදී එම වාර්තාව විනිසුරුවරයාගේ තීරණයටත් බලපාන්න පුළුවන්. ඒ නිසා නීතිපති මැදිහත්වෙලා වෛද්‍ය සභාව සමඟ එකතු වෙලා බන්ධනාගාර වෛද්‍යවරු අධිකරණයට සත්‍ය කරුණු පමණක් ඉදිරිපත් කරන ආකාරයට සුදුසු කාර්ය පටිපාටියක් හදන්න” යැයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...