බාල බෙහෙත් නඩුවේ තවත් සැකකරුවෙකුට රතු නිවේදන!

Date:

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධ නඩුවේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ප්‍රශ්නගත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටුවේ සාමාජිකයකු ලෙස ක්‍රියාකළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය වෙනුවෙනුයි.

මෙම පුද්ගලයා විමර්ශන මගහැර විදෙස්ගතවී ඇති බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයේ දී කරුණු දැක්වූ අතර රතු නිවේදනයක් මගින් ජාත්‍යන්තර පොලීසි හරහා ඔහු යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙස ඇය එහිදී මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියාය.

ඒ අනුවයි මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ.

පැමිණිල්ල සහ විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වූ සියලු කරුණූ සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය පැමිණිල්ලට නියෝග කළේ ඉදිරි දින 14ක කාලය තුළ මෙම නඩුවේ මූලික විමර්ශන අවසන් කර අත්අඩංගුවට ගත යුතු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එම දින 14 අවසානයේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සම්බන්ධයෙන් වූ ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව දැනුම්දුන් මහෙස්ත්‍රාත්වරිය, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 7 දෙනා යලි ලබන මාර්තු 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...