‘සෑම ඡන්දයක්ම මිසයිලයක් වැනි ය. ඒවා සතුරන්ගේ හදවතට වෙඩි තබයි’: ඉරාන ජන්දදායකයන් මැතිවරණය වාරණය කරන ලකුණු

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මහ්සා අමිනිගේ මරණයෙන් අනතුරුව ස්ත්‍රිය, ජීවිතය, නිදහස,විරෝධතා ව්‍යාපාරය යටපත් කිරීමෙන් පසු එළැබෙන ඉරාන ප්‍රජාතන්ත්‍රවාදයේ වෙස් මුහුණු පළඳි පළමු මැතිවරණය වාරණය කරන බවට ඉරානයේ කෝපාවිෂ්ට සහ කලකිරුණු ඡන්දදායකයන්ගන් ප්‍රකාශ කර තිබේ.

ජීවන තත්වයන්, පරිසරය සහ පුද්ගලික නිදහස ලබා දීමට අපොහොසත් වූ පාලන තන්ත්‍රයකට නීත්‍යානුකූල භාවය ලබා නොදිය යුතු බව ඔවුන් තරයේ විශවාස කරන අතර වයෝවෘද්ධ උත්තරීතර නායක අලි කමේනි ප්‍රකාශ කර තිබුණේ, සිව් වසරක කාලීන පාර්ලිමේන්තුවක් සහ ආසන 88ක් තෝරා ගැනීමට ඉරානයේ ජන්දදායකයන් ඔවුන්ගේ දේශප්‍රේමී සහ ඉස්ලාමීය යුතුකම බවයි.

අර්ධ නිල ඡන්ද මධ්‍යස්ථානයක් වන Ispa විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, මෙවර ජන්දය ප්‍රකාශ කිරීම 38.5% ක ඡන්ද ප්‍රතිශතයක් පුරෝකථනය කර ඇති අතර මීට වසර හතරකට පෙර මැතිවරණවල ඡන්දය ප්‍රකාශ කිරීම ජනරජයේ ඉතිහාසයේ අඩුම අගය වූයේ 42% කි.

බොහෝ ඉරාන ජාතිකයන් ප්‍රතිසංස්කරණවාදී සහ මූලධර්මවාදීන් අතර පැරණි බෙදීම්වල අදාළත්වය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් සමස්ත දේශපාලන පන්තියම ඉහළ උද්ධමනය, විරැකියාව සහ මර්දනයේ හවුල්කරුවන් ලෙස සලකයි.

පසුගිය කාලය තුළ ඇතැම් මන්ත්‍රීවරුන් ඉංජිනේරුවකුගේ වැටුප මෙන් 15 ගුණයක වැටුපක් ලබන බව පෙන්වන ලිපි ලේඛන කාන්දු වීමත්, පාලන තන්ත්‍රයේ නියෝජිතයන්ගේ දු දරුවන් විදෙස් ගතව සිටීම ආදී තොරතුරු රැසක් අනාවරණය වීමත් සමඟ තත්වය තවදුරටත් නරක අතට හරි තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...