*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

නොදියුණු රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට යන්න බැහැ – ජනපති රනිල්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): සෑම අවස්ථාවකම රටේ නීතිය ආරක්ෂා කරමින් ව්‍යවස්ථාව අනුව රටේ ස්ථාවරභාවය ආරක්ෂ කිරීමට කැපවිය යුතු බවත්., ඒ අනුව රට දියුණු කිරීමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ වගේම අපේ රට සතුරු උවදුරුවලින් ආරක්ෂා කර ගැනීම පමණක් නොව අද පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය අනුව කලාපයේ ආරක්ෂාව ද තහවුරු කිරීමට කටයුතු කළයුතු බවද පැවසීය.

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවන් හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැණිනි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලියේ අංක 36, 37 හා 38 යන කැඩෙට් පාඨමාලාවලට අදාළව කැඩෙට් නිලධාරී නිලධාරිණියන් 16 දෙනෙකු අංක 65 සහ 66 කැඩෙට් නිලධාරි පාඨමාලාවේ නිලධාරීන් 36 දෙනෙකු සහ අංක 17 හා 18 කැඩෙට් නිලධාරීනි පාඨමාලාවේ නිලධාරිනියන් 5 දෙනෙකු ඇමරිකා එක්සත් ජනපද 2023 කැඩෙට් නිලධාරියකු අධිකාරියට පත් කිරීම මෙහිදී සිදු විය.

පුහුණුවීමේදී දක්ෂතා දැක්වූ කැඩෙට් නිලධාරීන් 05දෙනෙක් හා එක් කැඩෙට් නිලධාරිනියකට සම්මාන පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර, මෙම විසිරයාමේ පෙළපාලියට අභිමානවත් බවක් එක් කරමින් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විචිත්‍රවත් සංදර්ශනයක් ඉදිරිපත් කරනු ලැබූ අතර ලක්අඹර ජයගත් ගුවන් හමුදා පැරෂුට් භටයින් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් රාත්‍රි පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කළහ.

විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රාත්‍රී විසිරයාමේ පෙළපාලියක් පවත්වනු ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ගුවන් හමුදා ඉතිහාසයට එක් වේ.

විසිරයාමේ පෙළපාලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසුවා,

“ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ කැඩෙට් පාඨමාලව සාර්ථකව අවසන් කර, විසිර යන නිලධාරින් 58 දෙනාගේ වැදගත්ම දිනය අදයි. ඔබ කිසිවිටෙක තමන් හැදු වැඩු දෙමාපියන් අමතක නොකළ යුතුයි.දෙමාපියන් සහ ගුරුවරුන් ඔබගේ ජීවිතය හැඩගැස්වීමට කැප වුණා.ඒ සියලු දෙනාට ඔබගේ ස්තූතිය පුද කළ යුතුයි.

අද ඔබ ගුවන් හමුදාවේ නිලධාරියෙක් ලෙස වැදගත් කාර්යයක් භාර ගන්නවා.ඒ වගේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම භාරගනු ලබනවා.ඒ වගේම තමන් යටතේ සිටින අයට නායකත්වය ලබාදීමේ වගකිම භාරගන්නවා.ඔබ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා.එය කිසිවිටෙක අමතක නොකළ යුතුයි.

ශ්‍රී ලංකා ජනරයේ ස්ථාවරභාවය සහ ආරක්ෂාව තහවුරු වන්නේ ඔබ එම යුතුකම ඉටුකළහොත් පමණයි.ඒ නිසා එය ප්‍රධාන කාර්යයක් ලෙස සැළකිය යුතුයි.ඒ වගේම ඔබ සමග වැඩ කරන ඔබ නායකත්වය ලබා දෙන අනෙක් සියලුදෙනාට ද ඔබ ගරු කළයුතුයි.ඒ වගේම ඔවුන්ට මඟ පෙන්විය යුතුයි.සෑම විටම ඉදිරියෙන් සිටින්න.

තමන් යටතේ සිටින අය තමන්ට කිකරු වනු ඇතැයි අපේක්ෂා කරනවා නම් තමන් තමන්ගේ ජ්‍යෙෂ්ඨයන්ටත් කීකරු විය යුතුයි.නියම විනයක් ඇති වන්නේ එවිටයි.ඒවගේම නිලධාරියකු ලෙස ඔබේ සෑම වගකීමක්ම ඉටු කළ යුතුයි.නායකත්වය ලබාදීමට පසු බට වෙන්න එපා.ගැටලුවක් මතු වූ විට ඉන් ඉවත් වෙන්න එපා.

ජනරජය වෙනුවෙන් තමන්ට වගකීමක් තිබෙනවා නම් එම වගකීම සෑමවිටම නොබියව ඉෂ්ට කිරීම ඔබේ යුතුකමයි.රට අභ්‍යන්තර සහ විදේශ සතුරු බලවේගවලින් ආරක්ෂා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා.අද අභ්‍යන්තර වශයෙන් අපේ රටේ ආර්ථිකය, සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය කඩා වැටුණු තත්ත්වයකින් ඉදිරියට එමින් තිබෙනවා.

අපට නැවත එම යුගයට යා නොහැකියි. ඒ නිසා මෙතැන් සිට අප ඉදිරියට යා යුතුයි.ඒ සඳහා රටේ විශාල නවීකරණයක් සිදු කළයුතුයි. සීග්‍රයෙන් දියණුවන ආර්ථික පරිවර්තනයකට යා යුතුයි.නොදියුණු රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට යන්න බැහැ.මේ වගකීම ඉටු කිරීමේ දී එහි වාසිය ලැබෙන්නේ ඔබටත්, ඔබේ දූ දරුවන්ටත් බව ප්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා සෑම අවස්ථාවකම රටේ නීතිය ආරක්ෂා කරමින් ව්‍යවස්ථාව අනුව රටේ ස්ථාවරභාවය ආරක්ෂ කිරීමට ඔබ කැපවිය යුතුයි.ඒ අනුව තමයි රට දියුණු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම අපේ රට සතුරු උවදුරුවලින් ආරක්ෂා කර ගැනීම පමණක් නොවෙයි අද පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය අනුව කලාපයේ ආරක්ෂාව ද තහවුරු කිරීමට කටයුතු කළයුතුයි.

කලාපයේ සාමයට සහ ස්ථාවරත්වයට හානියක් වෙනවා නම්, එය අපේ රටට සිදුවන අනතුරක් බව කිවයුතුයි.අපිට රටක් ලෙස තනිව ජීවත් වෙන්න බැහැ.සෑම රටක් සමඟම අත්වැල් බැදගෙන ඉදිරියට යා යුතුයි.යුද්ධයක් කර පළපුරුද්දක් ලැබූ ලංකාව වැනි රටක් එහිදී පැත්තකට වී සිටියොත් එය අපේ යුතුකම් පැහැර හැරීමක් වෙනවා.

කලාපයේ ස්ථාවරභාවයත්, ආරක්ෂාවත් වැදගත් වෙනවා.ඒ වගේම ලෝක සාමයත් අපට වැදගත් වෙනවා.ඒ නිසා එම කටයුතුවලට අපේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වය අවශ්‍ය වෙනවා නම් රටක් ලෙස අප ඊට මැදිහත්විය යුතුයි.අපේ ආරක්ෂක හමුදාව එදා මාලි රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමට දායක වුණා.

ඒ වැඩකටයුත්ත අනෙක් අය අගය කළා. අද රතු මුහුදේ සිදුවන සිදුවීම්වලින් අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් එය ආරක්ෂා කර ගැනීමටත් අප කැපවී සිටිනවා.ඒ නිසා කලාපයේ සාමයට සහ ලෝක සාමයට ප්‍රශ්නයක් තිබෙනවා නම් එවැනි අවස්ථාවන්වල එක්සත් ජාතින්ගේ සංවිධානයට අවශ්‍ය සහාය ලබාදීමට අප කටයුතු කරනවා.ඒ නිසා ලෝක සාමය සහ ස්ථාවරභාවයත් අපේ රටේ සාමයත්, ස්ථාවරභාවයත් ආරක්ෂා කරගත යුතුයි.

ත්‍රිවිධ හමුදාව ඊළග දශකය තුළ විශාල පරිවර්තනයකට ලක් වෙනවා.අද ලෝකය සිටින්නේ තාක්ෂණ යුගයකයි.අද හමුදා ක්‍රියාත්මක වන්නේ තාක්ෂණය පදනම් කරගෙනයි.අපිත් එම තත්ත්වයට ක්‍රමානුකූලව පැමිණිය යුතුයි.ඔබට එම වගකීම තිබෙනවා.මෙම සියලු කටයුතු සමඟ ඔබ ශක්තිමත් හමුදාවක් ලෙස ඉදිරියට යා යුතු බව මම ප්‍රකාශ කරනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ඊයේ (29) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරිමේ උත්සවයට එක්වෙමින්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan