සජබ e කොළම.

Date:

අශෝක ජයතුංග

මාර්තු 02 වොෂින්ටන් LNW :

👺 අපි කාන්තා ප්‍රඥප්තිය හදලා කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටියෙ සමහරු වගේ අද ඊයේ නෙවෙයි 2019 ඉඳලයි – වි: නායන සජිත්.

👺 තමන් හා ජලනි දැන් දියණියකගේ දෙමව්පියන් බව සජිත් මුල් වරට මහනුවරදී එළි කරයි. සමහර අත්‍යවශ්‍ය එන්නත් ලැබෙන්නේ ඇති හැකි අයගෙ දරුවන්ට විතරයි. අපි ආවිට ඒ තත්වය සැමටම ලබා දෙනවා – සජිත්.

👺 පාස්කු ප්‍රහාරයෙන් කොරෝනා වලින් බැට කෑ අපේ ව්‍යාපාර බැංකු විසින් අත්පත් කරගන්න හදපු පරාටේ නීතියට එරෙහිව ක්‍රියාකල සජිත්ට ව්‍යාපාර ප්‍රජාවෙන් තුති – මරික්කාර්.

👺 සජිත් හා ජලනි ගෙන් කොළඹ මාතලේ අනුරපුර කුරුණෑගලට මේ සතියේ ස්මාර්ට් පංති කාමර 04 ක්.  බස් රථ මාතලේට හා කැකිරාවට හා 88 වන රථය බිංගිරිය පාසලකට ලබා දෙයි. බිංගිරිය හිටපු පොහොට්ටු සංවිධායක සෝමසිරි ගුණතිචලකත් සජබට.

👺 ජවිපෙ නායක ගේ තඹුත්තේගම පාසලට සජිත් දුන් බස් රථය කැඩී ඇති බව කීම කුහකකම පෙන්වීමක්. බසය හොදට දුවනවා.ඒ ළමයි ත්‍රි මලේ ජමිබෝරියට ගියෙත් ඒ බසයෙන් – සජබ කියයි.

👺 ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දු වලට පිටුපා ඔන්ලයින් පනතට අත්සන් කර එය නීතියක් බවට පත්කල කතානායක එරෙහිව සජබ ප්‍රමුඛ විපක්ෂයෙන් විශ්වාසභංගයක් – ගයන්ත.

👺 සජබ මූලිකවී කතානායකට එරෙහි විශ්වාසභංගයට බොහෝ පිරිස් සහාය දෙන ලකුණු. විමල් උදය වාසු දයාසිරි දැනටත් ඒ බව දන්වලා.

👺 සජබ මහලේකම් රංජිත් ගේ පාර්ලිමේන්තු දිවියට වසර 35 ක් පිරීම සමරා පිංකම් හා උත්සව වලට පරිභාහිරව සජබ පක්ෂ මූලස්ථානයේ පිරිසට දැවැන්ත සාදයක්.

👺 පාඨලී ගේ ජනරජ පෙරමුණ හා සජබ අතර සාකච්ඡාවක්. සංධානයකින් තොරව ජනපතිවරණය ජයගත නොහැකි බව පාඨලී කියද්දී  දැනට පවතින පසුබිම තුළ සජබ ට ඕනෑම මැතිවරණයක් ජයගත  හැකි බව සජබ මහලේකම් රංජිත් කියයි. සජිත් එම හමුවට පැමිණ නැත.

👺 සජබ කාන්තා සමුළුවට මහනුවරදී කාන්තා ජන ගඟක් ගැලුවා – චමීන්ද්‍රානි කිරිඇල්ල.

👺 සාමාජිකාවන් දසදහස් ගණනකින් සමන්විත පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයත් සජිත් හමුවී සජබ ට එක්වුණා. කයිවාරු වලට වඩා ඔහු අත්දැකීම් ඇති නායකයෙක් – අජිත් මාන්නප්පෙරුම.

👺 පොලිස්පති පත්කරීමේදී ව්‍යවස්ථා සභාවේදී කතානායකගේ ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට චේදනා – මාන්නප්පෙරුම.

👺 ව්‍යාපාරිකයන් ට පිහිටක් ලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට සජිත් ප්‍රමුඛ සජබ  ගෙනගිය සටන දිනුවා – අජිත් පී.පෙරේරා.

👺 මාළිමා කෘෂිකර්ම ප්‍රතිපත්තිය හදන වැඩේ ලොකු හාල් මෝල්කාරයෙකුට දීලා.තමන්ට බලය ආවොත් ආණ්ඩුව වී මිලට ගන්නෙ නෑ කියල මාළිමාව නොකියා කියන කතා වල අරුත පැහැදිලියි – නලින් බණ්ඩාර කියයි.

👺 වියටිනාමයේ හා බංගලිදේශ අපනයනය වසරකට පිළිවෙලින් ඩො බිලි 400  හා 80 යි. ඒත් ලංකාව 12 යි. මේක වැඩි නොකර අපට ගොඩ ඒමක් නෑ – ආචාර්ය හර්ෂ.

👺 ජේ ආර් ගෙ විවෘත ආර්ථිකය එක්ක මෝටරෝලා ඇමෙරිකාවෙ හැරිස් වගේ ලොව ඉහළම කොම්පැණි පැක්ටරි දාන්න ලංකාවට ආවත් කොටි හා ජවිපෙ අරගල  මෙන්ම කලු ජුලිය නිසා ඔවුන් හැරිල ගියා – හර්ෂ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ පිටුවහල් කිරීමේ වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...

පවුල් පිටින් නෙවෙයි කල්ලි පිටින්ම ටිකට් එක ඇදෙනවා. බලාගෙන ඉන්න – ඇමති විද්‍යාරත්න (VIDEO)

කොළඹ LNW:පසුගිය පාලන කාලය තුළ හොරකම විමධ්‍යගත ඇති අතර...

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගතහොත්?

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : ඉරානය සහ ඊශ්‍රායලය...

යළ කන්නයට ප්‍රමානවත් පොහොර තොග මෙරට තියෙනවා – නියෝජ්‍ය ඇමති නාමල්

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : යළ කන්නයට ප්‍රමානවත්...