පුවත්

සුසිල්ගෙන් සජබෙට චරිත සහතිකයක් – තවත් දේශපාලන කරණමක්ද ?

ඊයේ දිනයේ නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදී ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව තහවුරු කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය උපක්‍රමශීලී ලෙස එම අවදානමෙන් ගැලවුණු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

හර්තාලයට සහාය පළ කරමින් අද දහවල් ස්ථාන රැසක විරෝධතා – රටම පාරට බසී !

හර්තාලයට සමගාමීව රටපුරා වැඩවර්ජනයක්ද ක්‍රියාත්මක වන අතර වර්ජනයේ නිරත වෘත්තීය සමිති රටපුරා ස්ථාන රැසකදී විරෝධතා සහ පා ගමන් සංවිධානය කර තිබෙනවා.

හර්තාලයට යන රජයේ සේවකයින්ගේ වැටුප් කපන කතාව බොරුවක් – PMD

හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වන රජයේ සේවකයින්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට සමාජ මාධ්‍ය ජාලවල පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කැළණි ගඟෙන් නයි ගෙන්නපු අය මගේ 87 හැවිරිදි අම්මා ගැනත් බොරු කියනවා – සජිත්ගෙන් පිළිතුරු

නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමට අදාළව තම මව ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා ඇතිය යනුවෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වූ බව කියන කණ්ඩායම විසින් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිගේ ආරක්ෂාව තර කරයි – බුද්ධි අංශත් කැඳවයි

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා අතිරේක භට පිරිස් කැඳවීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. දැනට ක්‍රියාත්මක ජනාධිපති ආරක්ෂක සේනාවේ සහාය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Popular

spot_imgspot_img