*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ජනාධිපතිගේ ආරක්ෂාව තර කරයි – බුද්ධි අංශත් කැඳවයි

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා අතිරේක භට පිරිස් කැඳවීමට තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. දැනට ක්‍රියාත්මක ජනාධිපති ආරක්ෂක සේනාවේ සහාය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ආරක්ෂක සේනාව ක්‍රියාත්මක වන අතර මෙතෙක් එහි පොලිස් කණ්ඩායම්වලට අණදීම සිදු වූයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු මගිනි.

නව තීරණය අනුව පුත්තලම ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙර්රා මහතා ජනාධිපති ආරක්ෂක සේනාවේ පොලිස් කණ්ඩායම් භාර ප්‍රධානියා ලෙස පත්කර තිබේ. මීට අමතරව බුද්ධි හා ආවේක්ෂණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ටී. ජයලත් මහතා ඇතුළු නිළධාරීන් 100 කින් සමන්විත පොලිස් බුද්ධි කණ්ඩායමක්ද කැඳවා තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතා පාලනය කිරීමට ජනාධිපති ආරක්ෂක සේනාව අසමත් වීම සැළකිල්ලට ගනිමින් අතිරේක භට කණ්ඩායම් කැඳවීමට තීරණය කර තිබේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan