පුවත්

පාර්ලිමේන්තු වටරවුම අසල රැය පහන් කිරීමට සැරසෙන අන්තරය! (VIDEO)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ඉදිරිපිටින් පාගමනින් පාර්ලිමේන්තු වටරවුම අසලට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (05) එම ස්ථානයෙන් ඉවත් නොවීමට තීරණය කිරීමෙන් අනතුරුව රැය පහන් කිරීම සඳහා ඔවුන් එම ස්ථානය යම් ආකාරයකට සකස් කරමින් පසුවෙයි.

ආණ්ඩුවෙන් එළියට පැමිණි කණ්ඩායමෙන් සජිත්ට ලිපියක් !

ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අද ලිපියක් බාර දී තිබෙනවා. සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විස්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කරන ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, විස්වාස භංග යෝජනාවට සහාය ලබාදීමට නම්, සමගි ජන බලවේගය එකඟ වියයුතු කාරණා සම්බන්ධයෙන් සිය ලිපියෙන් පැහැදිලි කරනවා.

”තව ගහපන්” අන්තරේ පාර්ලිමේන්තු වටරවුමෙන් ඉවත් නොවීමට තීරණයක්!(VIDEO)

පාර්ලිමේන්තු වට රවුම අසල මාර්ග බාධක බිඳ හෙළමින් ඉදිරියට ඇදුණු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වෙත පොලීසිය නොනවත්වා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එම මොහොතේ පිරිස ආපස්සට විසිර ගියද යළිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආණ්ඩුවට විරෝධය පළකරමින් එක් රැස්ව සිටිනවා.

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට වසර 03 ක් සිරබත් කෑ සැකකරුවන් 14 දෙනා නිදහස් !

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 14 දෙනාම නිදහස් කර තිබෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් මත මාවනැල්ල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අදාල සැකකරුවන් නිදහස් කිරීමේ නියෝගය නිකුත් කළේය.

අන්තරේ විරෝධතාවට පොලිසියෙන් දිගට හරහට කඳුළු ගෑස් … (VIDEO)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුම අසල මේ වනවිට පවත්වන විරෝධතාවට පොලිසිය දිගින් දිගටම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. පොලිසිය...

Popular

spot_imgspot_img