*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ආණ්ඩුවෙන් එළියට පැමිණි කණ්ඩායමෙන් සජිත්ට ලිපියක් !

ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අද ලිපියක් බාර දී තිබෙනවා. සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විස්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ඉදිරිපත් කරන ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම, විස්වාස භංග යෝජනාවට සහාය ලබාදීමට නම්, සමගි ජන බලවේගය එකඟ වියයුතු කාරණා සම්බන්ධයෙන් සිය ලිපියෙන් පැහැදිලි කරනවා.

ඔවුන් පවසන්නේ වත්මන් ආණ්ඩුව පිළිබඳව රටේ බහුතර ජනතාවට කිසිදු විස්වාසයක් නොමැති බැවින් ආණ්ඩුව ගෙදර යායුතු බව තම කණ්ඩායමේද අදහස බවයි. කෙසේ නමුත් ආණ්ඩුව ගෙදර යැවීමෙන් පසුව සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් අදහසක් තිබිය යුතු බව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කරනවා.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම යෝජනා දෙකක් ඉදිරිපත් කරනවා. වත්මන් ආණ්ඩුව පරාජය කිරීමෙන් පසුව සර්ව පාක්ෂික ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවිය යුතු අතර සමගි ජන බලවේගයද එහි පාර්ශ්වකරුවෙකු ලෙස කටයුතු කළ යුතුය. එසේ නැතහොත් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසුව සමගි ජන බලවේගය නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.

විස්වාස භංග යෝජනාවට සහාය ලබාදීමට නම් මෙම යෝජනා දෙකෙන් එකකට හෝ එකඟ වියයුතු බවත්, ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන යෝජනාව කුමක්දැයි කඩිනමින් දැනුම් දෙන ලෙසත් මන්ත්‍රී කණ්ඩායම සිය ලිපියෙන් දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා, පක්ෂ 10 එකතුව වෙනුවෙන් වාසුදේව නානායක්කාර මහතා, ස්වාධීන වූ පොහොට්ටු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ විජයදාස රාජපක්ෂ මහතා මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan