පුවත්

හර්තාලයට එක්වෙමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් ඇණහිටියි! (VIDEO)

එළඹෙන 06 වෙනිදට ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක කාලයක් දුම්රිය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

අධිකරණ නියෝගයට අනුව කටයුතු නොකළ කොල්ලුපිටිය පොලිස් ස්ථාධිපති අධිකරණයට කැඳවයි – මයිනාගෝ ගම විරෝධතාවය අඛණ්ඩවම !

කොළඹ අරලියගහ මන්දිරය අසල මයිනාගෝ ගම විරෝධතාවයට එරෙහිව ලබාදුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීමට සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝගයක් නිකුත් කර තිබේ.

නව ආරම්භයකට ඉඩදෙන්න – අගරදගුරු හිමි දේශපාලන නායකයින්ගෙන් ඉල්ලයි

වහාම නව ආරම්භයකට මුල පිරිය යුතු වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

පාර්ලිමේන්තුව අසල විරෝධතාව සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය – සංස්කරණය නොකළ දර්ශන (VIDEO)

අද (05) පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගය අසල තරුණයින් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූ අතර එහිදී පුද්ගලයින් 12ක් අත්අඩංගුවට පත්ව තිබුණේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා කිරීම සහ වාහන වලට හානි කිරීමේ චෝදනාව මතය.

විරෝධතාකරුවන්ට පොලිස් ඇප දීම ප්‍රතික්ෂේප කරයි. මහරගම පොලිසිය ඉදිරිපිටත් උද්ඝෝෂණයක් (Photos)

පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරතව සිටියදී අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් 13 දෙනා පොලිස් ඇප මත නිදහස් කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

Popular

spot_imgspot_img