පුවත්

අගමැති ඉල්ලා අස්වෙන්නෙත් නෑ විශේෂ ප්‍රකාශත් නෑ – දිනේෂ්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකමට බැසිලුත් ඉදිරිපත් වෙයි !!

ඉදිරියේදී පිහිටුවීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක් – විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට !

අද දහවල් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසල උද්ගෝෂණයක නිරතව සිටි පුද්ගලයන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම තත්වය මත එම ස්ථානය උණුසුම් තත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අතරමැද විසඳුම් නෑ, ජනපති අගමැති දෙන්නට ගෙදර යන්නම වෙනවා – සජිත්

වත්මන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා බලයට ගෙනඒමට ඡන්දය ලබාදුන් 69 ලක්ෂයේ ජනතාවද පාර බැස ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කර කියා සිටින බැවින් ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට තවදුරටත් ජනතා බලයක් නොමැති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා ඉල්ලා සිටින්නේ ජනමතයට ගරු කර ගෙදර යන ලෙසයි.

ඩොලරය අධිවේගයෙන් ගුවන්ගත වෙයි – අද විකුණුම් මිල 371 යි

මෙරට ඇතැම් වාණිජ්‍ය බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 371 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැණුම් මිලද රුපියල් 350 ඉක්මවා ගොස් තිබේ.

Popular

spot_imgspot_img