පුවත්

අද පාර්ලිමේන්තුව : උදෙන්ම විශේෂ පක්ෂ නායක රැස්වීමක්. මහින්දගේ විශේෂ ප්‍රකාශයත් සූදානම් !

අද (04) දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ සඳහා බස් ගැමුණුගෙන් නොමිලේ බස්රථ !

ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ සඳහා සහභාගි වන පුද්ගලයන්ට නොමිලේ බස්රථ ලබාදීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ කිලෝමීටර් 25 ක උපරිමයකට යටත්ව මෙම බස්රථ ලබාදෙන බවයි.

IMF සාකච්ඡා ගැන සියලු විස්තර අද පාර්ලිමේන්තුවට – විවාදයකුත් පැවැත්වෙයි

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අදාලව පැවැත්වූ සාකච්ඡා පිළිබඳව තොරතුරු අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ පිළිබඳ අමාත්‍යංශයීය ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ලබාදීමට මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සූදානමින් සිටී.

වැඩවර්ජන කරන්නේ ආර්ථික අර්බුදය උඝ්ර කිරීමටයි, ඊට අහුවෙන්න එපා – ජනපති ඉල්ලයි

මේ මොහොතේ ඇතැම් වෘත්තීය සමිති වැඩවර්ජනය කරන්නේ පවතින ආර්ථික අර්බුදය උඝ්ර කිරීමේ දේශපාලන අරමුණ මත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ආණ්ඩුවක් නැතිම වෙයිද ? අද තීරණාත්මකයි. පාර්ලිමේන්තුව අවට යකඩ වැට සමග ඉතාම දැඩි පොලිස් රැකවල් !

අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර රටේ පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු රැස්වීම ඉතාමත්ම තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Popular

spot_imgspot_img