පුවත්

තරුෂිට ලොව විසිවැනි තැන

යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සියවැනි ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්ව ජය ගත්තාය.ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සුදුසුකම් ලබා සිටින තරුෂි,මෙහිදී...

තේ අපනයනයත් පල්ලම් බහී. මාර්තු මාසයේ කිලෝ මිලියන 2.64ක අඩුවක්

2022 වසරේ මාර්තු මාසයේදී මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 23.17ක් වූ අතර එය 2021 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 2.64කින් පහත වැටී ඇති බව තැරැව්කාර සමාගම් පවසයි.

SSP කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට …

අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතැබීමට නියෝග කර, එක් පුද්ගලයෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ලබන සතියේදී අනිවාර්යයෙන්ම අත් අඩංගුවට ගැනෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෛත්‍රී – විමල් සන්ධානයේ නියෝජිත පිරිසක් චීන තානාපති හමුවෙයි

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ විමල් - ගම්මන්පිල - වාසු ඇතුළු කුඩා පක්ෂ සන්ධානයේ නියෝජිත පිරිසක් ඊයේ (22) දිනයේදී මෙරට චීන තානාපති චී සෙන්හොංග් මහතා හමුවී තිබේ.

මම හොඳ සනීපෙන්. මොන අන්තර් පාලනෙත් ගේන්න ඕනෑ මගේ ප්‍රධානත්වයෙන් – මහින්ද

තමන් අසනීප තත්වයක් නිසා රෝහල්ගත කර ඇති බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බවත් තමන් ඉතාම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Popular

spot_imgspot_img