පුවත්

බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධිය ගැන ශෙහාන් මාලකගෙන් තවත් හෙලිදරව්වක් (video)

බොරැල්ල ප්‍රදේශයේ කතෝලික පල්ලියකින් අත් බෝම්බයක් හමුවීම සංවිධානාත්මක නාටකයක එක් කතාංගයක් පමණක් බව ශෙහාන් මාලක මහතා පවසනවා. ඊට පෙර ආසන්නතම සිදුවීම් කිහිපයක් පිළිබඳව සැළකීමේදී හා මෙම බෝම්බය සොයා ගැනීම පිළිබඳව සිදුවන පරීක්ෂණ සැළකීමේදී පැහැදිලිවම ඒ බව ප්‍රකාශ කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහල PTIගේ වධකාගාරයක්ද ?

දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහලේ ශාරීරික අභ්‍යාස උපදේශවරයා (PTI) එම විදුහලේ සිසුන්ට ඉතා අමානුෂික ලෙස දිගින් දිගටම වධහිංසා කරන බව වාර්තා වේ.

ක්‍රිකට් උපදේශක කමිටුවෙන් මහානාම ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා උපදෙස් ලබාදීමට, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විතව පත්කළ කමිටුවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යය අලුත් ව්‍යවස්ථාවක් ගේන එක – ජී.ඇල්.

රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යභාරය වන බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා.

මහබැංකුව ඩොලර් දුන් නිසා අද විදුලිය කපන්නේ නෑ – ඇමති ලොකුගේ

ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙකක් සඳහා ගෙවීම් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව එකඟ වූ බැවින් අද (24) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණු පැයක විදුලි කප්පාදුව සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

Popular

spot_imgspot_img