පුවත්

2072දීත් පෝලිමේ ඉන්නවද කියල දැන්ම තීරණය කරන්න – හදුන්නෙත්ති (VIDEO)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය සඳහා තෙල් සංස්ථාවේම ඉංජිනේරුවන් විසින් ලබා දී තිබෙන වාර්තාව අනුව ඒවා ප්‍රතිසංස්කරණය කළ හොත් මාලදිවයිනට තෙල් විකිණීමේ හැකියාව ලංකාවට උදාවෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

නවුෆර් මවුලවි ඇතුළු පිරිසට එරෙහිව ගොනුකළ නඩුව මාර්තු දක්වා කල් යයි

පාස්කු ප්‍රහාරයට අනුබල දීමේ චෝදනාව යටතේ නවුෆර් මවුලවි ඇතුළු සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා තිබිණි.

මණ්ඩලේ කචල් කළේ විදුලි ඉන්ජිනේරුවෝමයි – CEB ඉංජිනේරුවන්ගෙන්ම ඉංජිනේරුවන්ට චෝදනා (VIDEO)

විදුලි බල සැපයුමේදී පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වීමට නොහැකි වූයේ ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් ඇතැමෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංසදයේ සභාපති විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මහින්දානන්දත් ගොවීන් වෙනුවෙන් හඬනගයි – ගෙදර යන්න වෙයිද ගෙදර යන ගමන්ද ?

කාබනික ‍වගාව ප්‍රචලිත කිරීමේදී ගත් ඇතැම් ක්‍රියාමර්ග හේතුවෙන් ගොවි ජනතාවට බලවත් අසාධාරණයක් වූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමන් පිළිගන්නා බව මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා.

එක්දින තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට දොරටු විවෘත වෙයි

ලබන 16 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Popular

spot_imgspot_img