Thursday, March 23, 2023
spot_img

Latest Posts

මහින්දානන්දත් ගොවීන් වෙනුවෙන් හඬනගයි – ගෙදර යන්න වෙයිද ගෙදර යන ගමන්ද ?

කාබනික ‍වගාව ප්‍රචලිත කිරීමේදී ගත් ඇතැම් ක්‍රියාමර්ග හේතුවෙන් ගොවි ජනතාවට බලවත් අසාධාරණයක් වූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස තමන් පිළිගන්නා බව මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. මේ නිසා පොහොර සම්බන්ධයෙන් ගොවි ජනතාව එල්ල කරන චෝදනා අසාධාරණය යැයි සිතිය නොහැකි බවද ඇමතිවරයා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගොවි සංවිධාන ජාතික බල මණ්ඩලය සමග කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීය.

කෙසේ නමුත් කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල රටටත් ජනතාවටත් ඉතා වැදගත් වැඩපිළිවෙලක් නිසා එම වැඩපිළිවෙල වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බවයි අළුත්ගමගේ මහතා සඳහන් කරන්නේ.

මහ කන්නයේදී අමාත්‍යංශයට මෙන්ම ගොවි ජනතාවටද වැරදුණු බවත්, එම වැරදි තේරුම් ගෙන යල කන්නයේදී සියලු වැරදි නිවැරදි කරගෙන කාබනික වගාව සාර්ථක කරගත යුුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

වී අස්වැන්න අඩුවීමේ අවදානම වළක්වා ගැනීම සඳහා අකමැත්තෙන් හෝ සහල් ආනයනය කිරීමට සිදුව තිබෙන බවද ඇමතිවරයා පවසනවා. සහල් ආනයනය කිරීම හේතුවෙන් වී ගොවියාට වී අලෙවි කිරීමේදී අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවත්, වී සඳහා රුපියල් 75 ක සහතික මිලක් නියම කර තිබෙන්නේ ඒ සඳහා බවත් ඔහු ප්‍රකාශ කරනවා.

දිස්ත්‍රික්ක 25 ම නියෝජනය කරමින් ජාතික ගොවි බල මණ්ඩලයේ නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ අතර ඔවුන් අවධාරණය කළේ මහ කන්නයේ වී අස්වැන්න 40% – 50% අතර ප්‍රමාණයකින් අඩුවිය හැකි බවයි. එම නියෝජිතයන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ මහ කන්නයේ සිදුවන වගා හානි සඳහා ගොවීන්ට ප්‍රමාණවත් වන්දියක් ලබාදීම සඳහා කටයුතු කරන ලෙසයි.

මීට පෙර කාබනික වගා සංකල්පය විවේචනය කළ අඩුපාඩු පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරුන් ඇතුළු කිහිප දෙනෙකුට සිය තනතුරුවලින් සමු ගැනීමට සිදු වූ අතර ඇමතිවරයාගේ විවේචන ඔහුට අමාත්‍ය ධුරය අහිමිවීමටද ඉඩ තිබේ. පසුගිය දිනවලදී වාර්තා වූයේ යෝජිත කැබිනට් සංශෝධනයේදී කෘෂිකර්ම අමාත්‍යංශයේද වෙනසක් සිදුවීමට නියමිත බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.