Saturday, June 3, 2023
spot_img

Latest Posts

මණ්ඩලේ කචල් කළේ විදුලි ඉන්ජිනේරුවෝමයි – CEB ඉංජිනේරුවන්ගෙන්ම ඉංජිනේරුවන්ට චෝදනා (VIDEO)

විදුලි බල සැපයුමේදී පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වීමට නොහැකි වූයේ ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් ඇතැමෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංසදයේ සභාපති විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

පවතින විදුලි අර්බුදය සමඟ තවදුරටත් පොසිල ඉන්ධන මතම යැපෙමින් ඉදිරියට යා නොහැකි බව තහවුරු වී තිබෙන බවයි නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.

මේ අවස්ථාව වන විට රටම විදුලි අර්බුදයක් ගැන කතා කරන අතරතුර ජනාධිපතිවරයා විසින් ඊට නිවැරදිම විසඳුමක් දී ඇති බවත් එනම් 2030 වසර වන විට සමස්ත විදුලි සැපයුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් නිපදවීම බවට ජනාධිපතිවරයා කළ කතාව මෙම විදුලි අර්බුදයට නිසි විසඳුම බවත් ඔහු කියාසිටියේය.

මේ අවස්ථාවේ විදුලි අර්බුදයට හේතුව බලාගාර නැතිකම නොව ප්‍රශ්නය තෙල් ගෙන්වීමට ඩොලර් නැතිකම බවද ඔහු පැවසුවේය.

ඒ අනුව මේ ප්‍රශ්නය වටහා ගනිමින් දැක්මක් සහිත නායකයෙක් ලෙස ජනාධිපතිවරයා විසින් පුනර්ජනනීය බලශක්තිය මඟින් විදුලිය නිපදවීමට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලබා දී ඇති බවයි ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ.

”මේ ගැන විදුලි ඉංජිනේරු සංගමය අවුරුදු දෙකක් තිස්සේ කතා කර කර හිටියා. දැන් එකපාර කියනවා 70%ක් පුළුවන් කියල. දැනටමත් අවුරුදු දෙකක් නාස්ති වුණා. මේකෙදි ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැති දේවල් හඳුනාගෙන ජනතා අපේක්ෂා මුදුන්පත් කරන්න ඉදිරියට යන්න ඕනේ. එයට හැකියාව තියෙන දක්ෂ ඉංජිනේරුවෝ විදුලි බල මණ්ඩලයේ ඉන්නවා. නමුත් කීපදෙනෙක් මේක නවත්තගෙන ඉන්නවා. විදුලි ඉංජිනේරුවෝ 800ක් ඉන්නේ මේ පද්ධතිය පවත්වාගෙන යන්න. දැනටමත් වහලවල් උඩ මිනිස්සු මෙගා වොට් 400ක් සෝලා පවර් දාලා තියෙන්නේ. මේක කරන්න පුළුවන්. ප්‍රශ්න දිහා බලල විසඳුම් දෙන්න තමයි ඉංජිනේරුවෝ ඉන්නේ. නෑ බෑ කියන්න නෙවෙයි.ජනාධිපතිතුමාගේ දැක්ම හරියට හරි. විදුලිය කප්පාදු කරන්න වෙලා තියෙන්නේ බලාගාර නැතිකම,තෙල් සහ ඉන්ධන නැතිකම. පසුගියදා නොරොච්චෝලේ කැඩුනේ හොඳට තිබුණු ප්ලාන්ට් තුන. පසුගිය අවුරුදු 06දී කිසිම ආණ්ඩුවකට කිසිම දෙයක් කරන්න විදුලි ඉංජිනේරු සංගමය ඉඩදුන්නේ නැහැ. හැම එකේම අඩුවක් දකිනවා. දැන් එයාලම කියනවා බලාගාර හදන්න ඉඩදුන්නේ නැහැ කියල.”යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.