පුවත්

මෛත්‍රීව බේරාගෙන ඉන්න එක තමයි ලොකුම වැරැද්ද. ළඟදීම ජනාධිපතිතුමා ක්‍රියාමාර්ග ගනීවි – දිළුම්

ආණ්ඩුව කරන ලොකුම වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බේරාගෙන සිටීම බවත් ඒ මහතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නුදුරේදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

එදා බී ළූණු පෙන්නලා සැපද, සනීපද ඇහුවා. අද රටම අසනීපෙන් – මෛත්‍රී යළිත් පොහොට්ටුවේ පතුරු අරී (VIDEO)

වත්මන් පාලනය යටතේ රට තුළ ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ අහේනියක් ඇතිවී ඇතැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඡන්දය ගන්න තොරතුරු දැන දැනම පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩදුන්නාදැයි සැකයි – කාදිනල් හිමි (VIDEO)

පාලකයින් මතුපිටින් පෙන්වීමට උත්සාහ කරනවාට වඩා විශාල කුමන්ත්‍රණයක් පාස්කු ප්‍රහාරය පසුපස පැවතියේයැයි මේ වනවිට එන්න එන්නම පැහැදිලි වන බව කොළඹ අරගදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

සජිත්ගෙන් තෙලිප්පලෙයි රෝහලට රු. ලක්ෂ 24.5ක උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සමගි ජන බලවේගයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 37වන පියවර ලෙස රුපියල් විසිහතර ලක්ෂ පනස් හත්දහසක් (රු. 2,457,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තෙලිප්පලෙයි මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

විදුලි කප්පාදුවට මහජන උපයෝගීතා කොමිසමත් අනුමැතිය දෙයි

හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. දිනකට උපරිමය පැය දෙකක් වන පරිදි විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අනුමැතිය දුන් බවයි එම කොමිසමේ සභාපතිවරයා පවසන්නේ.

Popular

spot_imgspot_img